5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල වෙනස් වූ සිසුන්ට අයදුම්පත් ඉදිරිපත් කිරීම හෙටින්(12) අවසන්

 2025-05 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මේ වන විට නිකුත් වී ඇති අතර ප්‍රතිඵල වෙනස් වූ සිසුන් සඳහා අයදුම්පත් කැඳවා විදුහල්පතිවරුන් විසින් මාර්ගගත පද්ධතියට ඇතුළත් කිරීම හෙට(12) දිනයෙන් අවසන් වන බව අධ්‍යාපන,උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.


ආපදා තත්වය හමුවේ මෙම තීරණය ගත් බව අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කරන ලද නිවේදනයේ සඳහන්.


ප්‍රතිඵල වෙනස් වූ සිසුන් සඳහා අයදුම්පත් කැඳවා විදුහල්පතිවරුන් විසින් මාර්ගගත පද්ධතියට ඇතුළත් කිරීම පසුගිය නොවැම්බර් 26 දින ආරම්භ කළා.



මාර්ගගතව අයදුම්පත්‍ර යොමු කිරීම දෙසැම්බර් 05 දිනෙන් පසුව අක්‍රීය වන බව දන්වා තිබුණද පවතින ආපදා තත්වය හමුවේ එම දිනය දෙසැම්බර් 12 දක්වා දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළා.

තවද, 2025 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වල 2026 වර්ෂයේ 6 ශ්‍රේණියට ඇතුළත් වීමේ පළමු අභියාචනා ඉදිරිපත් කිරීම මේ වන විට ආරම්භ කර නොමැති අතර ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලවල සංසරණය වන පණිවුඩ අසත්‍ය ප්‍රචාර බව අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටිනවා.


තවද 2026-.06 ශ්‍රේණිය සඳහා පළමු වටයෙන් පාසල් සඳහා තේරී පත්වූ සිසුන් 2026 වර්ෂයේ ජනවාරි මස පාසල්වලට ඇතුළත් කිරීමෙන් පසුව පවතින පුරප්පාඩු සඳහා මාර්ගගතව අභියාචනා අයදුම් පත්‍ර කැඳවීම් සිදු කරනු ලබන බවද අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් පවසනවා.

Previous Post Next Post

Contact Form