නාය ගිය නිවෙසට යට වූ බිරිය හා දරු­වන් බේරා ගන්න බන්ධනාගාර නිලධාරියා පැය 6ක් සටන් කරයි


දිට්වා සුළි කුණා­ටු­වෙන් රට­ටම සිදු කළ හානි ප්‍රමා­ණය අති­ම­හත්ය. මේ ආප­දාව හේතු­වෙන් වැඩිම ව්‍යස­න­යක් වාර්තා වූයේ මධ්‍යම පළා­තෙනි. එම­ඟින් සිදුවූ දේපළ හා ජීවිත හානි ප්‍රමා­ණය ද සුවි­ශා­ලය. මේ ආපදා තත්ව­යෙන් බැට­ක­මින් ජීවිත හත­රක් බේරා ගැනී­මට උර­දුන් බන්ධ­නා­ගාර සැර­ය­න්ව­ර­යකු ගැන දින­මි­ණට කරුණු වාර්තා වන්නේ හඟු­ර­න්කෙත ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සයේ මිර­හම්පෙ, ගොන­ග­න්තැන්න ප්‍රදේ­ශ­යෙනි.

මේ ව්‍යසන තත්ත්වය හේතු­වෙන් ගොන­ග­න්තැන්න ප්‍රදේ­ශයේ නිවාස රැසක් නාය­යෑ­මට ලක් වූ අත­රම, මෙම නි‍ෙවස ද මුළු­ම­නින්ම පස් කඳු හා ගල්ව­ලින් යටවී යද්දී සිය පවුලේ සිව් දෙනෙකු ව්‍යස­න­යෙන් දිවි බේරා ගැනීමේ ක්‍රියා­න්වි­ත­යට පණ පෙවූ මේ අපූරු මිනිසා එච්.ජී.ඩී.එස්. ගම්ලත් මහ­තාය. හඟු­ර­න්කෙත ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සයේ මිර­හම්පෙ, ගොන­ග­න්තැන්න පදිංචි මොහුගේ බිරිය හා දරු දෙදෙ­නාත් ඔහුගේ පියාත් සමඟ ජීවත්ව ඇත්තේ අංක 487/B, මිර­හම්පෙ ඇති නි‍ෙව­සේය. මේ ආපදා තත්වය ඇති වූ නොවැ­ම්බර් 27 වැනිදා රාත්‍රියේ ඇති වූ ව්‍යස­නය සියලු දේ විනාශ කර දමද්දි මේ වීර්ය­ය­ස­ම්පන්න මිනි­සාගේ කැප­කි­රීම මත තම පවුලේ සියලු දෙනාම කිසිම අතුරු අන්ත­රා­වක් නොවී බේරා ගැනී­මට සමත් වී ඇත. තමන් අත්විඳි ඒ උද්වේ­ග­කර අත්දැ­කීම ගැන එච්.ජී.ඩී.එස්. ගම්ලත් මහතා දින­මි­ණට සිය හඬ මෙලෙස අවදි කළේය.

“මම රාජ­කාරි කළේ බෝග­ම්බර බන්ධ­නා­ගා­රයේ සැර­යන් කෙනෙක් විදි­හට. ගෙදර මගේ පියා සමඟ බිරි­යයි දරු­වන් දෙදෙ­නයි ජීවත් වෙනවා. පියා රෝගි­යෙක්. ලොකු දුව 2026 වසරේ අපොස සා:පෙළ: ලියන්න ඉන්නේ. පොඩි දුව අටේ පන්තියේ. මම වෙනදා වගේම රාජ­කාරි අව­සන් කර තුන විතර වන විට නි‍ෙව­සට ආවා. හොඳ­ටම වැස්ස දව­සක්. වෙනදා විදි­හ­ටම රාත්‍රී ආහාර අර­ගෙන දිය­ණි­යන් දෙදෙ­නායි මමයි බිරි­යයි එකම කාම­ර­යක නිදා­ගන්න තීර­ණය කළා. මොකද අධික වැස්ස නිසා. වෙනදා මම වෙනම කාම­ර­යක නිදා­ගන්නේ. නමුත් බිරිය ඒ කාම­රේට අද යන්න එපා මේකේ ඉමු කියලා කිවුවා. ඔහොම ඉන්න­විට අධික වර්ෂා­වත් එක්කම ලයිට් තිබුණේ නැහැ. අපි ඇඳ­වල් දෙකක හිටියේ. රාත්‍රී නවය විතර වන විට විශාල ශබ්ද­යක් එක්ක ගෙදර සිවි­ලිම කඩා­ගෙන වැටුණා. මම පොඩි දුවත් අවදි කර­ගෙන, බිරි­ය­ටයි ලොකු දුව­ටයි කතා කර නැඟි­ට්ටත් ලයිට් නැති නිසා කිසිම දෙයක් පේන්නේ නැහැ. අපි ඇඳෙන් බැහැල නි‍ෙවස ඉදි­රි­පස ජනේ­ලය තිබෙන තැනට ගියා. අත­පත ගගා එතැ­න­ටත් ගියේ. ඒ වන විට නි‍ෙවසේ අනික් පැත්ත යට වෙලා ඉව­රයි. සද්දේ ඇහෙ­නවා පස් කඩා­වැ­ටෙ­නවා. ඒ වෙලාවේ අපට එළි­යට යන්න ක්‍රම­යක් තිබුණේ නැහැ. වහ­ලය කඩා­වැ­ටිලා, බිත්ති කඩා­වැ­ටිලා.

නමුත් ඒ අත­රින් නොකැඩී තිබ්බ ජනේලේ ළඟට ගිහින් කකු­ලෙන් ගහලා වීදු­රුව කැඩුවා. ඒත් ග්‍රිල් තිබෙන නිසා කරන්න දෙයක් නෑ. ඒත් එක්කම පස් ඇවිත් ජනේ­ල­යයි, බිත්ති­යයි කඩා­ගෙන වැටුණා. දරු­වන් දෙන්නා කොහොම හරි ළඟට ගත්තා. ඒ අයට කර­ද­ර­යක් වෙලා තිබ්බේ නෑ. නමුත් එළි­යට යන්න ක්‍රම­යක් නෑ. කරු­ව­ලේම අත ගාලා බල­න­විට පොඩි ඉඩක් තියෙ­නවා අත දැම්මම එළි­යට යන. අනිත් ඔක්කොම පස්ව­ලින් වැහිලා. කොහොම හරි ඒ ජනේ­ලය ළඟ තිබ්බ පොඩි ඉඩෙන් අතින් පස් ඉවත් කර ඇඟ එළි­යට දාගන්න ඉඩක් හදා ගත්තා.

ඒ ඉඩෙන් කොහොම හරි මම එළි­යට ආවා. ඇවිත් දුවලා දෙන්න­වත් අමා­රු­වෙන් ඒ පොඩි ඉඩෙන් එළි­යට ඇදලා ගත්තා කරු­ව­ලේම. ඒ අතර බිරි­යව ගන්න ගියාම එයා කෑග­හ­නවා මම යට වෙලා ඉන්නේ එන්න බෑ කියලා.

මට කර කියා­ගන්න දෙයක් නෑ ඒ වෙලාවේ. මොකද මේ පොඩි ඉඩෙන් ඇතු­ළට ගිය හැකි වුවත් ඇතුළේ කිසි දෙයක් පේන්නේ නැහැ. ඒ නිසා මට එක­පා­රම මතක් වුණා තාත්තාව. තාත්තා හිටියේ පිටි­පස්සේ කාමරේ. රෝගි­යෙක් නිසා එයාට බෙහෙත් විදලා හින්දා නින්ද යනවා. ඒ වෙන­කො­ටත් තාත්තගේ ඉණෙන් පහළ දක්වා යට වෙලා. කොහොම හරි තාත්තාව හිමීට පස් අයින් කර අත්ව­ලින් හිමීට ඇදලා ගත්තා. අර පොඩි හිලෙන් ඇද ගත්තා එළි­යට. දුවලා දෙන්නයි තාත්තයි එළි­යට ගත් නිසා කිලෝ­මී­ට­ර­යක් විතර ඈතින් තියෙ­නවා ඥාතී ගෙද­රක්. මේ අය එහෙ තියලා එන්න කියලා මම ගියා. ඒ අතරේ දුවලා දෙන්න කෑග­හ­නවා යන්න බෑ කියලා. අම්මා නැතිව යන්න බෑ. මැරෙ­න­ව­නම් හතර දෙනාම එකට මැරෙමු කියා කෑ ගහ­නවා. මට කර කියා­ගන්න දෙයක් නෑ. ඒ අතරේ මම කිවුවා කොහො­ම­හරි මම අම්මව බේර­ග­න්නවා. ඒ නිසා බය වෙන්න එපා කියලා. දුව­ලායි තාත්තයි අර­ගෙන කිලෝ­මී­ට­ර­යක් විතර ඈතට ගියා. ඒ යන අතරේ ගමේ හැමෝම බේරෙන්න දුව­නවා. ගමේ හැමෝම එකතු වෙලා හිටියේ ඒ නැන්ද­ලාගේ ගෙවල් ළඟට. මම ඒ අයට කීවා බිරිය යට­වෙලා ඉන්නේ බේර­ගන්න ඕනෑ දරුවෝ දෙන්නා තියලා යන්නම් කියලා. ඒ වෙලාවේ මම ඒ අයට කිවුවා මේකට මට උදවු කරන්න කියලා. පිරිමි දෙතුන් දෙනෙක් ආවා මාත් එක්ක. ඇවිත් බිරිය ඉන්න විදිහ බලලා ඒ අය බය වෙලා යන්න ගියා. මොකද ඒ වන විටත් තවත් පස් කඳු නාය එනවා.

NW00039 Iri News

කොහො­ම­හරි මම බිරිය බේර­ගන්න ඕනෑ කියා හිමීට අර තිබුණු ඉඩෙන් ඇතු­ලුට රිංගුවා. නමුත් කිසි දෙයක් පේන්නේ නෑ. හිටිය තැනක් හොයා­ග­න්නත් බෑ. හැම තැනම යට වෙලා. කන තියලා බල­න­විට කෑග­හන සද්දෙ විත­රයි ඇහෙන්නේ. අතේ තිබුණ ටෝච් එක ගහලා බල­න­කොට බිරිය අඩි අටක් විතර ඈතින් ඉන්නවා මුණ විත­රයි පේන්නේ. අනෙක් සිය­ල්ලම යට­වෙලා තියෙන්නේ. මට හිතා­ගන්න බෑ මොන­වද කරන්නේ කියලා. එතැ­නට යන්න ක්‍රම­යක් හදා­ගන්න හිතලා බල­න­කොට පොල් උලක් මට හම්බ­වුණා. ඒකෙන් කොහොම හරි ඇඟේ ගානට වගේ මම සිදු­රක් හදා­ගෙන පස් හිමීට අතින් දෙපැ­ත්තට කර කර හිමීට පස් කඩා වැටෙ­න්නැති වෙන්න ඒ දෙසට හෙමි­හිට ගියා. කොහොම හරි රාත්‍රී නව­යට විතර පටන් ගත්තෙ පස් ඉවත් කර­ගෙන යන්න. පාන්දර තුන විතර වෙන­කොට බිරිය ඉන්න තැනට යන්න හැකි වුණා. ඒ වන විටත් බිරි­යගේ ඇඟ වැහිලා තිබ්බ පස් හිමීට අයින් කළා. ඒත් ඇඳ විය­න­ටයි ගල්ව­ල­ටයි කකුල හිර­වෙලා. ඊට පස්සේ හිමීට කකුල හොල­වලා උඩට ගන්න බැලුවා. කරන්න දෙයක් නැති නිසා කකු­ලට ඕනෑ දෙයක් වුණාවේ කියලා ඇද්දා. ගල්ව­ලට හිර­වෙලා තිබ්බ කකුල එළි­යට ගන්න ඕනෑ කොහො­ම­හරි ඒක නිසා ඒකට උත්සාහ කර­න­විට බිරිය කිය­නවා කැර­කි­ල්ලයි කියලා. කරන්න තිබ්බේ එකම දෙයයි. තිබ්බ මඩ වතුර අතින් අර­ගෙන හිමීට පෙවුවා. ඒ අතරේ මාත් මඩ වතුර බීවා. විනාඩි දහ­යෙන් දහය විතර මඩ වතුර ටික ටික පොව­මින් කකුල උඩට ගන්න කට­යුතු කළා. මොකද මේ වෙලාවේ සිහිය නැති වුණොත් මට කර­ග­න්නම දෙයක් නැති වෙනවා. ඒ නිසා ඒ අභි­යෝ­ගය ජය ගන්න මඩ වතුර පොවන්න වුණා. ගල් එහෙ මෙහේ හෙල­වෙන විට කකුල ඇදලා ගත්තා. ඒත් එක්කම බිරිය හෙමි­හිට ඇදලා එළි­යට යන්න තිබූ පොඩි සිදු­රෙන් එළි­යට ඇදලා ගත්තා. ඊට පස්සේ බිරිය කරේ තියා­ගෙන කිලෝ­මී­ට­ර­යක් විතර ඇතින් තියෙන නැන්ද­ලාගේ ගෙද­රට ගියා. ඒ යන විට හැමෝම ගම දාලා ගිහින්. කර­න්නම දෙයක් නෑ. අපට යන්න විදි­හ­කුත් නෑ. ඒ නිසා බිරි­යව තියා­ගෙන එළි­වෙ­න­කම් ඒ ගෙදර හිටියා. පසු­වදා උදේ ගමේ අය එළිය වැටු­ණට පස්සේ ඇවිත් බලලා ගමේ ප්‍රාදේ­ශීය රෝහ­ලට අරන් ගියා. නමුත් එහි කාර්ය මණ්ඩ­ලය නෑ. පසුව මහ­නු­වර ජාතික රෝහ­ලට ගෙන ගියා. එහිදී ප්‍රති­කාර කර බේර­ගත්තා. මේ වන විට බිරි­යගේ තියෙන තුවා­ල­ව­ලට ප්‍රති­කාර කර­නවා. ඇතිවූ කම්ප­නය නිසා මතක ශක්තිය එනවා යනවා. අපව මතක නෑ. මේ තත්වය කාල­යත් එක්ක හරි­යයි කියලා වෛද්‍ය­වරු කිය­නවා.

මට දැඩි ආත්ම විශ්වා­ස­යක් තිබ්බා මගේ පවුලේ අය කොහො­ම­හරි මේ ව්‍යස­න­යෙන් බේර­ග­න්නවා කියලා. මම ඒ දේ කළා. ඒක ගැන මට සතු­ටුයි. අද­ටත් බිරි­යයි දරුවො දෙන්නයි මගේ රෝගී පියයි හතර දෙනාම හොඳින් ඉන්නවා. අපට තිබ්බ හැම­දේම නැති වුණා. බිංදුවේ ඉඳලා ආයෙත් පටන් ගන්න වෙලා. දැනට අපි ඥාති ගෙද­රක නැව­තිලා ඉන්නේ. මට ලොකු අධි­ෂ්ඨා­න­යක් තියෙ­නවා කොහො­ම­හරි මේ ජීවි­තය නැවත තිබ්බ තත්ව­යට ගොඩ­නඟා ගන්න හැකි වෙයි කියලා. ඒව­ගේම මගේ රාජ­කාරි ජීවි­ත­යෙන්, බන්ධ­නා­ගාර සේවයේ පුහු­ණු­වෙන් ලද පන්න­රය මේ කැප­කි­රී­මට ගොඩාක් බල­පෑවා. අපව බන්ධ­නා­ගා­ර­යට බඳ­වා­ගන්න විට යුද හමුදා පුහු­ණුව ලබා දෙනවා. ඒකෙන් ඕනෑ අභි­යෝ­ග­යක් ජය ගන්න ශක්තිය, කැප­කි­රීම ගොඩ­න­ඟ­නවා. මෙවැනි ව්‍යස­න­ය­කදී මට ශක්තිය ඒ ආත්ම ධෛර්යය ලැබුණේ රැකි­යා­වෙන් ලැබූ පන්න­ර­යෙන්. ඒ නිසා­මයි මේ සියලු ජීවිත බේර­ගන්න මට හැකි වුණේ. ඒ වගේම මේ වෙලාවෙ අපට ඉන්න තැනක් නෑ. රජ­යෙන් ලබා දෙන ඉඩ­මක පදිංචි වෙන්න බලා­පො­රොත්තු වෙනවා. ආයේ ගෙවල් තිබුණු ප්‍රදේ­ශ­යට නම් යන්න හිත­න්නෙ­වත් නෑ. ඒ නිසා පුළු­වන් විදි­හට අපට උදවු කරන්න හැකි අය ඉන්න­වා­නම් ඒ සඳහා සහාය වෙන්න කිය­ලත් මේ වෙලාවේ ඉල්ලා සිටි­නවා. මගේ දරුවො දෙන්නා තාම ඉගෙන ගන්න වයසේ. ඒ අයට කිසිම දෙයක් මේ වෙන­කොට නෑ. මම සේවය කරන බන්ධ­නා­ගාර දෙපා­ර්ත­මේ­න්තුවේ බන්ධ­නා­ගාර කොම­සා­රිස් ජෙන­රා­ල්තු­මාගේ ඉඳලා සේවා ස්ථානයේ සියලු නිල­ධා­රීන් ලබා දුන් සහාය මේ වෙලාවේ ආද­ර­යෙන් සිහි­පත් කර­නවා යැයිද පැව­සීය.

කුණ්ඩ­සාලේ සමූහ – ජානක සම්පත් බණ්ඩාර


Post a Comment

Previous Post Next Post

Contact Form