අම්බලන්ගොඩ කළමනාකරු ඝාතනයේ සැකකරුවන් 6ක් දැලේ : ගිනි අවි දෙකකුත් සොයා ගැනේ

අම්බලන්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරික ආයතනයක් තුළදී එහි කළමනාකරු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 06 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය මගින් සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලිස් විශේෂ කාර්ය බලකාය තවත් සැකකරුවන් දෙදෙනෙකු කිරිබත්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ. එසේම ඝාතනය සඳහා යොදාගත් බවට සැකකෙරෙන රිවෝල්වරයක් සහ පිස්තෝලයක් ද ඔවුන් භාරයේ තිබී පොලිස් භාරයට ගෙන තිබෙනවා.

Post a Comment

Previous Post Next Post

Contact Form