ප්‍රදේශ රැසකට මි. මී. 75ට වඩා තද වැසි!

නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශ වල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
උතුරු - මැද,නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල අද (18) විටින් විට වැසි ඇති විය හැකියි. නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි. මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව සඳහන්. උතුරු, සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවටයි සඳහන් කර ඇත්තේ.
Previous Post Next Post

Contact Form