දින 9කට පසු ගොඩගත් අබිරහසඅතුරුදන්ව සිටි තරුණයා අවසන් ගමන් යැවූ ඛේදවාචකය



-
දින 9කට පමණ පෙර සිට අතුරුදන්ව සිටි තරුණයකුගේ මළ සිරුරක් කුලියාපිටිය තුම්මෝදර ප්‍රදේශයේ ඉඩමක වලදමා තිබියදී සොයාගෙන තිබේ.

28 හැවිරිදි එම තරුණයා අතුරුදන්ව ඇති බවට පවුලේ ඥාතීන් විසින් කුලියාපිටිය පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ද සිදු කර තිබුණි.

ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ පොලිසිය සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අදාළ තරුණයාගේ මළ සිරුර සොයා ගෙන ඇත.

වන සතුන් සඳහා ඇද තිබූ විදුලි රැහැනක ගැටීමෙන් එම තරුණයා මියගොස් ඇති අතර පසුව ඔහු අදාළ ස්ථානයේ වළ දැමූ බවට එම සැකකරු පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

Post a Comment

Previous Post Next Post

Contact Form