සති කිහිපයකට පෙර කල්දැමුණු සිනමා සංගීතවේදී පලාෂ් මුචාල් සහ ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩිකා ස්ම්‍රිති මන්දනා තම විවාහය අවලංගු කළ බවට වෙන වෙනම ප්‍රකාශ නිකුත් කර තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ මෙම යුවළ සිය සමාජ ජාල ගිණුම්වලින් විවාහ යෝජනා කිරීම, පෙර විවාහ උත්සව යනාදිය හා ඊට සම්බන්ධ පෝස්ටු ඉවත් කර ඇති බවයි.
එමෙන්ම ඔවුන් තම පෞද්ගලිකත්වයට ඉඩදෙන ලෙස ඉල්ලා සිටි අතර, මෙම පැහැදිලි කිරීමෙන් අනතුරුව, පාලාෂ් මුචාල් මන්දනා සමඟ තිබූ සියලුම ක්ලිප් ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම්වලින් මකා දමා තිබෙනවා.
මුචාල් නර්තන ශිල්පිනියක සමඟ වට්සැප් සංවාදයක් කළ screenshot සමාජ ජාලය තුළ සැරිසරන අතර එම සංවාදය මගින් මුචාල් වෙත ඇඟිල්ල දිගුවනවා. මන්දනාට වංචා කරමින් එම කාන්තාවට අනියමින් ඇරයුම් කරන ආකාරයක් එම සංවාදයෙන් ඉඟිකෙරෙනවා.
අදාල තරුණිය පවසා තිබුණේ මන්දනාට ඇය ගරු කරන අතර තමා කිසි දිනෙක මුචාල් හමුවී නැති බවත්, විවාහයට ඔන්න මෙන්න කියා තිබියදී සිදුවූ මෙම සංවාදයෙන් මුචාල් කවුද යන්න ලෝකයට පෙන්වීමට ඇයට අවශ්‍ය වූ බවයි.
මෙම යුවළ නොවැම්බර් 24 වන දින සංග්ලි හිදී විවාහ වීමට සියල්ල සූදානම් කර තිබුණා.
මුලින් ස්ම්‍රිති මන්දනාගේ පියා රෝහල් ගත කිරීම හේතුවෙන් එය කල් දැමීමට සිදු වූ අතර පසුව, පාලාෂ් මුචාල් ද රෝහල් ගත කළා.
සෞඛ්‍ය ගැටලු හේතුවෙන් විවාහය කල් දැමීමත් සමඟම, මුචාල් වටා ඔන්ලයින් අනුමාන කිරීම් ඇති වූ අතර, එය සත්‍ය තහවුරු නොකළ වංචා චෝදනා බවට පත්ව තිබුණා.
විවාහය අවලංගු කිරීම පිළිබඳ ප්‍රකාශය නිකුත් කිරීමෙන් පසු, පාලාෂ් මුචාල්, මන්දනා ලෝක කුසලානය හිමිකරගත් ක්‍රීඩාංගනයේදී කළ යෝජනාවේ වීඩියෝව සහ ලෝක කුසලාන ජයග්‍රහණ සැමරුම් ක්ලිපය ඇතුළුව, ස්ම්‍රිති මන්ධානා සමඟ තිබූ සියලුම පළ කිරීම් මැකූ නමුත්, ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකාව සමඟ තිබූ ක්ලිප් කිහිපයක් තවමත් ඔහුගේ ගිණුමෙන් මකා දමා නොමැති බව සඳහන්.
පාලාෂ් මුචාල් සිය ඉන්ස්ටග්‍රෑම් කතාව හරහා දීර්ඝ සටහනක් නිකුත් කරමින් කියා සිටියේ, තමා තම ජීවිතයේ ඉදිරියට යාමට සහ තම පෞද්ගලික සම්බන්ධතාවෙන් ඉවත් වීමට තීරණය කළ බවයි.
ඔහු මෙය තම ජීවිතයේ ඉතාම දුෂ්කර අවධියක් ලෙස හඳුන්වමින්, තමාට වඩාත්ම පූජනීය වූ දෙයක් ගැන පදනම් විරහිත කටකතාවලට මිනිසුන් මෙතරම් පහසුවෙන් ප්‍රතිචාර දක්වන ආකාරය දැකීම ඉතා අපහසු බව ප්‍රකාශ කර තිබෙනවා.
මුචාල් සමාජයට ආයාචනා කරමින් කියාසිටියේ කිසිදා හඳුනා නොගත් මූලාශ්‍ර සහිත සත්‍ය තහවුරු නොකළ ඕපාදූප මත පදනම්ව කෙනෙකු විනිශ්චය කිරීමට පෙර මඳක් නැවතීමට ඉගෙන ගන්නා ලෙසයි.
වැදගත්ම කරුණක් ලෙස ඔහු සඳහන් කළේ, අසත්‍ය හා අපහාසාත්මක අන්තර්ගතයන් පතුරුවන අයට එරෙහිව තම කණ්ඩායම දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
Tags
විදෙස්
