හිරු මාධ්‍ය ජාලය දිගින් දිගටම තහවුරු කර නොගත් ප්‍රවෘත්ති හා සාවද්‍ය ප්‍රවෘත්ති විකාශය කිරීම හේතුවෙන් එම මාධ්‍ය ආයතනය පිළිබදව අවශ්‍ය පියවර ගන්නා ලෙස විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව වෙත ලිපියක් මගින් දැනුම් දී ඇතැයි පොලීසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ වුට්ලර් මහතාගෙන් කළ විමසිමකදි ඔහු සඳහන් කළේ මෙම කරුණ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී හෙළිදරව් වූ කරුණු පිළිබදව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව දැනුවත් කළ බවයි.
ඒ අනුව විද්යුත් විකාශන බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් නිසි බලධාරියා වන විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට මීට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග ගන්නැයි අදාළ ලිපිය මගින් ඉල්ලා සිටි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
මූලාශ්‍රය – නිව්ස් 19 ( හිරුණි විජේසිංහ)
