ගෲප් කැප්ටන් නිර්මාල් සියඹලාපිටිය මියගියේ කොහොම ද? මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී සහයක නියමුවා දුන් සාක්ෂි

 අහයපත් කාලගුණයෙන් විපතට පත්වූවන්ට සහන සලසමින් සිටියදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයක් හදිසි ගොඩබෑමකදී එහි ප්‍රධාන ගුවන් නියමුවා වූ ගෲප් කැප්ටන් නිර්මාල් සියඹලාපිටිය මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි විමසීම අද (දෙසැ: 09) මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේදී සිදු කෙරිණි.

එහිදී, සහයක ගුවන් නියමු ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් එරංග චාමර ඒකනායක සාක්ෂි ලබා දෙමින් විවෘත අධිකරණයේදී පළ කළ අදහස් මෙසේ ය.

"හෙලිකොප්ටර් යානයේ කාර්මික දෝෂයක් පවතින බව යානය පදවමින් සිටි ප්‍රධාන ගුවන් නියමු කෲප් කපිතාන් නිර්මාල් සියඹලාපිටියට සහ මට වැටහී ගියා"

"ගිං ඔය පාලම මත සහ මාර්ගයේ විශාල පිරිසක් යානයට අත වනමින් ආධාර ඉල්ලමින් සිටි නිසා යානය පාලම මතට හෝ මාර්ගය මතට ගොඩ බැස්සවීමට හැකියාවක් තිබුණේ නැහැ"

"සුදුසු ස්ථානයකට යානය ගොඩ බැස්සවීමට උත්සහ කරමින් හරවනවාත් සමග ම හෙලිකොප්ටර් යානය එක් වර ම ගිං ඔයට කඩා වැටුණා."

මමත් ගුවන් හුමදා සාමාජිකයින් තිදෙනාත් මහත් පරිශ්‍රමයක් දරා යානයෙන් පිටතට ඇවිත් ගිං ඔයේ ගිළුණ යානය තුළ සිහිසුන්ව සිරවී සිටි ප්‍රධාන ගුවන් නියමු නිර්මාල් සියඹලාපිටියගේ බඳ පටි ඉවත් කර එළියට ගෙන බෝට්ටුවක් ආධාරයෙන් ගොඩට ගෙන ගිලන් රථයකින් මාරවිල මූලික රෝහලට යැව්වා"

"ප්‍රධාන ගුවන් නියමු නිර්මාල් මියගොස් ඇති බව පසුව දැන ගත්තා"

සහයක ගුවන් නියමු ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් එරංග චාමර ඒකනායක එසේ පැවසුවේ, මාරවිල මහේස්ත්‍රාත් දිනිඳු සමරසිංහ ඉදිරියේ සාක්ෂි ලබා දෙමිනි.


Previous Post Next Post

Contact Form