ආණ්ඩුවේ සංවර්ධන කොන්ත්‍රාත් නිසි පරිදි සිදු කිරීමට නොහැකි සුදුසුකම් නොමැති ඉදිකිරීම් ප්‍රමාද කරවන කිසිදු කොන්ත්‍රාත් සමාගමකට හෝ ආයතනයකට හෝ පුද්ගලයෙකුට 2026 සිට රජයේ කිසිදු සංවර්ධන කොන්ත්‍රාත් ලබා නොදෙන බව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
ඇය මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (දෙසැ. 23) කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පැවති සම්බන්ධීකරණ රැස්වීමට හදිසියේ එක් වෙමිනි.
වැඩිදුරට ත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය මෙසේ ද කීවා ය.
2025දී මුදල් ලැබීම යම් ප්‍රමාදයක් තිබුණා. නමුත්, නිසි පරිදි මුදල් අවශ්‍ය සංවර්ධන කටයුතුවලට ලැබුණා. පළාත් පාලන ඡන්දය හා අය-වැය ආදි කටයුතු නිසා යම් ප්‍රමාදයක් සිදු වුවත් නිසි පරිදි මුදල් ලැබුණා.
නමුත් සංවර්ධන යෝජනා ක්‍රියාත්මක කරන්නට ඉදිකිරීම් සිදු කරන කොන්ත්‍රාත්කරුවන් නිසා මේ වැඩ නිසි පරිදි වේගයෙන් සිදුවන්නේ නැහැ. ඔවුන් සිදු කරන මන්දගාමී තත්ත්වය නිසා නිසි පරිදි සංවර්ධන ඉලක්කවලට ගමන් කිරීමට නොහැකි වීම තුළ ආණ්ඩුවට ද රජයේ නිලධාරීන්ට ද යම් යම් ගැටලු ඇති වෙනවා.
මේ නිසා සම්පත් නොමැති මානව සම්පත් උපකරණ හා තාක්ෂණය ආදිය නැති නිසි පරිද නිසි කාලයට අදාළ කොන්ත්‍රාත්තුව ඉදිකර ආණ්ඩුවට ලබා නොදෙන පහසුකම් නොමැති කිසිදු කොන්ත්‍රාත්කරුවෙකුට මින් ඉදිරියේදී කොන්ත්‍රාත් ලබා දෙන්නේ නෑ.
සමහර කොන්තාත්කරුවෝ කරන්න බැරි විශාල කොන්ත්‍රාත් ප්‍රමාණයක් බදාගෙන වැඩ කරන්නේ නැතුව අනාගෙන ඉන්නවා. මේ නිසා අපේ ආණ්ඩුවේ සංවර්ධන යෝජනා ක්‍රියාත්මක කිරීමේ යම් ප්‍රමාදයක් දැකිය හැකියි.
දන් බලන්න 2025 ඉවරයි. තවත් සමහර ආණ්ඩුවේ සංවර්ධන ව්‍යාපෘති මේ කොන්ත්‍රාත්කරුවන් ප්‍රමාද කර තියෙනවා. නමුත් 2026දී මෙයට වඩා සංවර්ධන ව්‍යාපෘති රට හමුවේ සිදු කිරීමට ආණ්ඩුව කටයුතු කරනවා. මේ නිසා මේ කොන්ත්‍රාත් ප්‍රශ්නය විසඳාගත යුතුව තියෙනවා.”
FacebookTwitterWhatsAppTelegramXShare
