2025 දෙසැම්බර් 3 වන දින රජයේ සහ නියාමන නිලධාරීන් සමඟ පැවති විශේෂ රැස්වීමකින් පසුව, දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ රක්ෂිත දේපල වලට අදාළ හිමිකම් ගෙවීම් කඩිනම් කිරීමට රක්ෂණ සමාගම් එකඟ වී තිබේ.
මෙම සාකච්ඡාවට භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, සංවර්ධන මුදල් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මංජුල හෙට්ටිආරච්චි, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ (IRCSL) සභාපති ආචාර්ය අජිත් රවීන්ද්‍ර ද මෙල් සහ IRCSL හි අධ්‍යක්ෂ ජනරාල් දමයන්ති ප්‍රනාන්දු යන මහත්ම මහත්මීහු එක් වූහ.
IRCSL ට අනුව, බලපෑමට ලක් වූ රක්ෂණ ඔප්පු හිමියන්ට කාලෝචිත සහන ලබා දීම සහතික කිරීම සඳහා හිමිකම් පියවීම් වේගවත් කිරීමට සහ පරිපාලන ප්‍රමාදයන් ඉවත් කිරීමට රක්ෂණ සමාගම් පොරොන්දු වී තිබේ.
Tags
සාමාජීය
