අනුරාධපුර, නව නගරය, මෛත්‍රිපාල සේනානායක මාවතේ පදිංචිව සිටි මාස 03යි දින 28ක් වයසැති බිළිඳෙකු, නිදි යහනේදී පියාගේ සිරුරට යටවීම හේතුවෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම ළදරුවා, පියා සහ අවුරුදු දෙකක පමණ වයසැති තම වැඩිමහල් සොහොයුරා සමඟ එකම ඇඳක නිදා සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය තහවුරු කරයි.
දරුවාගේ මව රැකියාවට ගොස් සිටියදී, උදෑසන 8.30ට පමණ පියා දරුවන් දෙදෙනා සමඟ නින්දට ගොස් ඇති අතර, පෙරවරු 11.45ට පමණ අවදි වී බලන විට ළදරුවා නිසොල්මන්ව සිටිනු දැක තිබේ. වහාම පියා විසින් දරුවා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගත්තද, රෝහලට ඇතුළත් කරන අවස්ථාව වන විටත් දරුවා මියගොස් සිටි බව වෛද්‍ය වාර්තා තහවුරු කරන අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශන මේ වන විට ක්‍රියාත්මක වේ.
Tags
සාමාජීය
