මතුගම ප්‍රා. සභා සභාපති පහරදුන්නැයි එහි ලේකම්වරිය රෝහලේ

 මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පහරදුන්නැයි කියන සිද්ධියකට අදාලව එහි ලේකම්වරිය මතුගම වෑත්තෑව රෝහලේ ප්‍රතිකාර ලබන බව මතුගම පොලිසිය පවසනවා.




ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් වන සිද්ධියකට උරණ වී සභාපතිවරයා තමන්ට පහරදුන් බව කියමින් එම ලේකම්වරිය පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ බවයි පොලිසිය පවසන්නේ.

සමගි ජනබලවේගයට බලය හිමි මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අද (20) උදෑසන එම සභාවේ ලේකම්වරිය රැදී සිටි කාමරයට ගොස් සභාවේ ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් ඇති වූ කතාබහකදී මෙම බහින්බස් වීම සිදුව ඇතැයි පොලිසිය පවසනවා.

එහිදී සභාපතිවරයා තමන්ව තල්ලුකර දමා කාර්යාලයේ තිබූ ලිපි ලේඛන විසිකර තමන්ට පරුෂ වචනයෙන් බැන වැදුණු බව ලේකම්වරිය සිය පැමිණිල්ලෙන් ඉදිරිපත් කර ඇතැයි ද පොලිසිය පවසනවා.

මේ වන විට පැමිණිලිකාරිය මතුගම වෑත්තෑව රෝහලට ඇතුළත්ව වාට්ටු අංක තුනෙහි ප්‍රතිකාර ලබා ගනිමින් සිටින බවයි පොලිසිය සඳහන් කරන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මතුගම පොලිසිය පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක කර තිබෙනවා

Post a Comment

Previous Post Next Post

Contact Form

×
BREAKING Now
News

විශේෂ පුවතක්! 🚨

ආණ්ඩුවේ අලුත් තීරණය...