ඇඹිලිපිටිය රත්නපුර ප්‍රධාන මාර්ගයේ උඩවලව කොළමගෙආර ප්‍රදේශයේදී අද (29) අලුයම මෙම අනතුර සිදුව තිබුණා.
මෙලෙස අනතුරට ලක්වූයේ කොළඹ සිට ඇඹිලිපිටිය දෙසට ධාවනය මගී බස් රථයක් සහ ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රීරෝද රථයක්.
පොලීසිය සඳහන් කළේ, අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන් ගත් හිමිනමක් ඇතුළු දෙදෙනෙකු මිය ගොස් තවත් අයෙකු බරපතල තුවාල ලැබූ බවයි.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.


