නොරොච්චෝල ටර්බයින් දෙකක් නවතී..

 නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ ස්ථාපිත කර ඇති මෙගාවොට් 300 බැගින් වූ ජනන යන්ත්‍ර තුනෙන් දෙකක්ම මේ වන විට අක්‍රීය වී ඇති බව වර්තමාන තත්ත්වය පිළිබඳව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික මහතා පවසයි.



දෙවන ඒකකය පසුගිය නොවැම්බර් මස 03 වැනිදා සිට ක්‍රියා විරහිත කර ඇති මෙම පද්ධතිය නැවත ජාතික පද්ධතියට එක් කිරීමට අපේක්ෂා කරන්නේ එළඹෙන ජනවාරි මස 02 වැනිදාය.

බොයිලේරු නළ පද්ධතියේ හටගත් කාන්දුවක් හේතුවෙන් පළමු ඒකකය දෙසැම්බර් 20 වැනිදා සිට මෙය අක්‍රීය වී ඇත. කෙසේ වෙතත්, මෙහි අලුත්වැඩියා කටයුතු නිම කර නැවත සක්‍රීය කිරීමට ලබන වසරේ ජුනි මස 02 වැනිදා දක්වා කල් ගතවනු ඇතැයි වාර්තා වේ.

සංජීව ධම්මික මහතා පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් ජාතික විදුලි පද්ධතියට සැපයෙන ධාරිතාවෙන් සැලකිය යුතු ප්‍රමාණයක් අහිමි වී ඇති බවයි.

Post a Comment

Previous Post Next Post

Contact Form