අසාත්මිකතා ඇති පුද්ගලයන් ‘ඩුබායි ස්ටයිල් චොක්ලට්’ නිෂ්පාදන ආහාරයට නොගත යුතු බවට වන අනතුරු ඇඟවීමක්, එංගලන්තයේ ආහාර ප්‍රමිතිකරණ ඒජන්සිය විසින් නිකුත් කර තිබෙනවා.
එම ඒජන්සිය විසින් සොයාගෙන ඇත්තේ මෙම 'ඩුබායි ස්ටයිල් චොක්ලට්' නිෂ්පාදන කිහිපයක් නිසි ආහාර සුරක්ෂිතතා සහ ලේබල් කිරීමේ ප්‍රමිතීන් සපුරාලන්නේ නැති බවයි.
ලේබලයේ ප්‍රකාශ නොකරන අසාත්මිකතාකාරක වන රටකජු සහ තල මෙම නිෂ්පාදනවල අඩංගු විය හැකි බවට අදාල ඒජන්සිය සොයාගෙන තිබෙනවා.
අසාත්මිකතා ඇති අයෙකුට මෙය අනතුරුදායක විය හැකි බවයි එම ඒජන්සිය සඳහන් කරන්නේ.
මෙම උපදේශය රටකජු සහ තල ආසාත්මිකතා සඳහා පමණක් නොව, සියලුම අසාත්මිකතා සඳහා අදාල බව එම ඒජන්සිය දැනුම් දෙනවා.
Tags
ගෝලීය
