ඉන්දියානු ආර්ථිකය ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 4.18 ක අගයක් ගනිමින්, ජපානය අභිබවා ලොව සිව්වන විශාලතම ආර්ථිකය බවට පත්ව ඇති බව ඉන්දීය රජය නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.
2030 වසර වන විට ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදිතය (GDP) ඩොලර් ට්‍රිලියන 7.3 ක් දක්වා වර්ධනය කර ගනිමින්, ලොව තෙවන ස්ථානයට පැමිණීමට අපේක්ෂා කරන බවයි 2025 වසරේ ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ වාර්තාවක් නිකුත් කරමින් ඉන්දීය රජය සඳහන් කර ඇත්තේ.
දැනට ලොව විශාලතම ආර්ථිකය ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය පසුවන අතර, චීනය දෙවන ස්ථානයත්, ජර්මනිය තෙවන ස්ථානයත් හිමි කරගෙන සිටිනවා.
ඉන්දියාව සිය නිදහසේ සියවන සැමරුම යෙදෙන 2047 වසර වන විට “ඉහළ මධ්‍යම ආදායම් ලබන” රටක් බවට පත්වීමේ අභිලාෂයෙන් පසුවන බවයි ඉන්දීය රජය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
