ඩිජිටල් අන්තර්ගතයන් නිර්මාණකරුවන්ට (Content Creators) ගෙවන මුදල යූටියුබ් සමාජ මාධ්‍යයට වඩා වැඩි කිරීමට තමන් සූදානම් බව ටෙස්ලා සහ ස්පේස්එක්ස් ප්‍රධානී එලොන් මස්ක් ඉඟි කර තිබෙනවා.
යූටියුබ් වැනි අනෙකුත් සමාජ මාධ්‍ය ජාල සමඟ තරඟකාරී පසුබිමක් සකස් කිරීම මෙහි අරමුණයි.
X පරිශීලකයෙකු මස්ක්ගෙන් ඉල්ලා සිටියේ නිර්මාණකරුවන්ට ගෙවන මුදල යූටියුබ්වලටත් වඩා වැඩි කරන ලෙසයි.
එවිට AI තාක්ෂණය මගින් අන්තර්ජාලයේ දත්ත ලබා ගන්නා මෙම කාලයේ, විශ්වාසදායක තොරතුරු ලබා දෙන නිර්මාණකරුවන් රැකගත හැකි බව ඔහු පෙන්වා දුන්නා.
මෙම යෝජනාවට එකඟ වූ මස්ක්, X හි නිෂ්පාදන ප්‍රධානී නිකිතා බියර්හට පණිවිඩයක් යවමින් ‘අපි ඒක කරමු’ යනුවෙන් දන්වා සිටියා.
මස්ක් පැහැදිලිවම ප්‍රකාශ කළේ මෙම ගෙවීම් ක්‍රමය තුළින් අනිසි ලෙස මුදල් ඉපයීමට කිසිවෙකුට ඉඩ නොදෙන බවත්, ඒ සම්බන්ධ නීති රීති දැඩිව ක්‍රියාත්මක කරන බවයි.
බොහෝ අන්තර්ජාල පරිශීලකයින් මෙය විප්ලවීය පියවරක් ලෙස හඳුන්වා දී ඇති අතර, මෙමගින් වඩාත් ගුණාත්මක නිර්මාණකරුවන් X වෙත ආකර්ෂණය වනු ඇතැයි විශ්වාස කරනවා.
