මින්නේරිය සහ පොල්ගොල්ල ජලාශවල වාන් දොරටු යළි විවෘත කෙරේ!

 පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් මින්නේරිය වැවේ වාන් දොරටු නැවත විවෘත කිරීමට මින්නේරිය වැව භාරව කටයුතු කරන නිලධාරීන් අද (10) උදෑසන කටයුතු කර තිබුණි.




ඒ අනුව මින්නේරිය වැවේ දොරටු 7න් තුනක් මෙලෙස විවෘත්ත කර ඇති අතර ඉන් තප්පරයට ඝන අඩි 500ක ජල ධාරිතාවක් අගල වාන ඔස්සේ කවුඩුල්ල වැවට මුදා හරී.

වැවේ ජල ධාරිතාව වාන් දමන මට්ටම පැමිණීමත් සමග එහි එක් වාන් දොරටුවක් අඩි එක බැගින්ද අනිත් වාන් දොරටු දෙක අඟල් හය බැගින්ද විවෘත්ත කිරීමට මින්නේරිය වාරිමාර්ග ඉංජිනේරු වරු කටයුතු කර ඇත.

ඊයේ (09) රාත්‍රි කාලයේ මහනුවර ප්‍රදේශයට ඇදහැලුණ වර්ෂාපතනය හේතුවෙන් පොල්ගොල්ල මහවැලි වේල්ලේ වාන් දොරටු 03ක් විවෘත්ත කර ඇති බව වේල්ල භාර ඉංජිනේරු වරයා පවසා සිටී.


ඒ අනුව එම වාන් දොරටුවලින් ජලය තප්පරයට ඝන අඩි 4,000ක් නිකුත් වන බවද ඉදිරියේදී පවතින වර්ෂාපතනය අනුව ඉදිරි වාන් දොරටු විවෘත කිරීමට කටයුතු කරන බවද ඒ අනුව පොල්ගොල්ල වේල්ල පහළ ප්‍රදේශවල ජනතාව අවධානයෙන් සිටින ලෙසද මහවැලි අධිකාරිය පවසා සිටී.


Previous Post Next Post

Contact Form