රුසියාව සමග පවතින යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡා සදහා එක්වීමට යුක්‍රේන ජනාධිපති වොලොද්මියර් සෙලෙන්ස්කි මේ වන විට අමෙරිකාව වෙත පිටත්ව තිබෙනවා.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග අදාළ සාකච්ඡාව හෙට (28) ෆ්ලොරීඩාහිදී පැවැත්වෙන අතර, එහිදී යුක්‍රේනය සහ රුසියාව අතර සාම සැලසුම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමටයි නියමිතව ඇත්තේ.
