ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළ කොළඹ මහ නගර සභාවේ පළමු අයවැය ඊයේ දිනයේ දී පරාජයට පත් විය.
ඒ අනුව, අද සිට නගර සභාව පාලනය කරන්නේ ඒකාබද්ධ විපක්ෂය බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පවසයි.
ජාතික ජන බලවේගය කොළඹ මහනගර සභාවේ බලය ස්ථාපිත කළද, ඔවුන්ට එහි බහුතර බලය හිමි වී නොතිබුණි.
විපක්ෂ මන්ත්‍රීවරු කිහිප දෙනෙකුගේ ද සහාය ඇතිව කොළඹ මහ නගර සභාවේ බලය ස්ථාපිත කිරීමට ආණ්ඩුවට හැකි වූ නමුත්, මාස හයකට පසුව අයවැය පරාජයට පත් වීමත් සමග නගර සභාවේ බලය ඔවුන්ගෙන් ගිහිලුණු බව මන්ත්‍රීවරයා තවදුරටත් අවධාරණය කරයි.