හෙළයේ ගීත කෝකිලාවිය ලතා වල්පොලගේ දේහයට පූර්ණ රාජ්‍ය අනුග්‍රහය නොමැතිව රාජ්‍ය ගෞරව ලබාදෙන්නේ ක්ෂේත්‍රයේ කලාකරුවන් සහ ඇයගේ පවුලේ ඥාතීන්ගේ අදහස් මත බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.
එහිදී ඇමතිවරයා මේ ක්‍රියාව චක්‍රලේඛයක් මත පදනම්ව පවතින බවද සඳහන් කළා.
අදාල සාකච්ඡාවේ ප්‍රතිඵලයක් වශයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ඒ බව රජයට දැනුම් දී ඇති බවත් සාකච්ඡාවට සම්බන්ධ වූ අය කවුරුන්දැයි තමා නොදන්නා බවද පැවසුවා.
ඒ අනුව රජය නියමිත අනුමැතිය ලබාදුන් බවයි අමාත්‍යවරයා පැවසුවේ.
මහ ජනතාව නගන ප්‍රශ්නයක් අනුවයි මාධ්‍යවේදියා මෙම පැනය ඇමතිවරයාට යොමුකර තිබුණේ.
