මහනුවර - නුවරඑළිය මාර්ගය යථා තත්ත්වයට!

 අධික වර්ෂාවත් සමග පස්කඳු කඩාවැටී ගමනාගමන කටයුතු අවහිර වී තිබූ මහනුවර - නුවරඑළිය මාර්ගය ඇතුළු මාර්ග 4ක් යථා තත්ත්වයට පත්කර ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය පැවසීය.

නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද  (10) පස්වරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඇය මේ බව පවසා සිටියාය.

එහිදී ඇය පවසා සිටියේ, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිර්දේශ මත ඉහත මාර්ගවල බර වාහන ධාවනයට විවෘත කරන බවය.

පසකඳු කඩාවැටීම් හේතුවෙන් අවහිර වූ නුවරඑලිය - මහනුවර ප්‍රධාන මාර්ගය මෙලෙස ගමනාගමක කටයුතු සඳහා විවෘත වූ යේ දින ගණනාවකට පසුවය.

කටුකිතුල, තවලන්තැන්න, රම්බොඩ ඇල්ල ඇතුලු ස්ථාන කිහිපයකින්ම එම මාර්ගයට විශාල වශයෙන් පසුකඳු නාය ගොස් තිබුණි.

කෙසේ නමුත් යුධ හමුදාවේ ඉංජිනේරු බලකාය, මාර්ග සංවර්ධන අධිකාරිය එක්ව එම මාර්ගය සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කර එක් මන්තීරුවක් පමණක් සැහැල්ලු වාහන ධාවනයට විවෘත කිරීමට පියවර ගත්තේය.

කෙසේ නමුත් මෙම මාර්ගයේ රථ වාහන ධාවනය කිරිමේ දී සැලකිලිමත් ලෙස රිය ධාවනය කරවන ලෙසත්, මාර්ගය නායගිය ස්ථානවල නතර නොකරන ලෙසත් පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.



Previous Post Next Post

Contact Form