දිට්වා සුළි කුණාටුවෙන් පසු නුවරඑළිය යථා තත්වයට පත් කර ඇති බවත්, ඒ අනුව එළැඹෙන නව වසරේ සංචාරය සඳහා පැමිණෙන ලෙසත් නුවරඑළිය මහ නගර සභාවේ නගරාධිපති (ජා. ජ. බ.) උපාලි වනිගසේකර සංචාරකයන්ගෙන් ඉල්ලා සිටිනවා.
මේ වන විට නුවරඑලියට විදේශීය සංචාරකයන් විශාල පිරිසක් පැමිණ ඇති බවත්, නුවරඑළියට පැමිණෙන දේශීය සංචාරකයන්ට විනෝද වීමට නගර සභාව මගින් වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කර ඇති බවත් නගරාධිපතිවරයා පවසනවා.
මේ දිනවල නුවරඑළියේ කාලගුණ තත්ත්වය යහපත් බවත්, නුවරඑළියට පිවිසෙන මාර්ග සියල්ල යථා තත්ත්වයට පත් කර ඇති නිසා නුවරඑළිය සංචාරයට එක් වන ලෙසත් නගරාධිපතිවරයා වැඩිදුරටත් දැනුම් දෙනවා.
