'දිට්වා' සුළි කුණාටුවෙන් හානි වූ සෑම නිවසකටම ලක්ෂ 5ක්!

'දිට්වා' සුළි කුණාටුවෙන් පීඩාවට පත් සෑම නිවසක් සඳහාම තක්සේරු කිරීම්වලින් තොරව රුපියල් ලක්ෂ පහක මූල්‍ය ආධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.
කොබෙයිගනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති "ප්‍රජා ශක්ති" දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. එසේම අර්ධ වශයෙන් හානි වූ නිවාස 120,000කට අධික ප්‍රමාණයක් සඳහා විධිමත් තක්සේරු කිරීම් සිදු කිරීමට වසරක පමණ කාලයක් ගත විය හැකි බැවින්, සහන ලබාදීමේ ප්‍රමාදය වැළැක්වීමට මෙම තීරණය ගෙන ඇති බවයි. යම් පවුලක් මෙම ලක්ෂ පහේ ස්ථාවර වන්දියට අකමැති නම්, ඔවුන්ට විධිමත් තක්සේරුවක් ඉල්ලා සිටිය හැකි බවත්, එවිට තක්සේරු කරන ලද හානියේ ප්‍රමාණය අනුව රුපියල් මිලියන කිහිපයක් දක්වා වුවද වන්දි මුදල ඉහළ යා හැකි බවත්, අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා. විධිමත් තක්සේරුවක් අවශ්‍ය නොවන පවුල් වෙත ඉතා කෙටි කලකින් මෙම මුදල් නිදහස් කිරීමට රජය බලාපොරොත්තු වෙනවා.

Post a Comment

Previous Post Next Post

Contact Form