පල්ලේකැලේ මහවත්ත ඉහළ කුණ්ඩසාලේ නිවසක හුදෙකලාව විසූ 87 හැවිරිදි තිදරු මවක් අත්පා ගැට ගසා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බලගොල්ල පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
පොලීසිය පවසන්නේ මෙලෙස ඝාතනය කර ඇත්තේ ශ්‍රියාලතා කුලකුලසුරිය නමැති තැනැත්තියක් බවයි.
ඇගේ දරුවන් දෙදෙනෙකු විදේශ ගතව සිටින බවත් එක් දරුවෙකු නිවසට තරමක් නුදුරින් පදිංචිව සිටින බවත් පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබෙනවා.
එම නිවසේ පදිංචි ඇගේ ලේලිය ඊයේ (28) පස්වරු තුනට පමණ කාන්තාව සිටි නිවසට පැමිණි අවස්ථාවේ ඇගේ අත්පා ගැට ගසා ඝාතනය කර සිටිනු දැක ඒ බව පොලීසියට දැනුම් දී තිබුණා.
සොරකමක් සඳහා පැමිණි පුද්ගලයෙකු ඝාතනය සිදු කරන්නට ඇතැයි පොලීසිය සැක කරයි. සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර බලගොල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා.
