බෝම්බ බියක් හේතුවෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හදිසි සෝදිසියක්

බෝම්බ බියක් හේතුවෙන් බෝම්බ නිෂ්ක්‍රීය අංශය ඇතුළු අංශ ගණනාවකින් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අද (26) පෙරවරුවේ දැඩි සෝදිසි කිරීමට ලක්කර තිබෙනවා.
මෙම හදිසි සෝදිසි කිරීම සිදුකර තිබෙන්නේ වාහනයක සවිකළ බෝම්බයක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රය තුළ පුපුරුවා හරින බවට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිල විද්‍යුත් ලිපිනයට යොමුකළ පණිවිඩයක් සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම්වරයා පොලිසියට කළ දැනුම් දීමකට අනුවයි. පොලිස් නිල සුනඛයින්ද යොදා ගනිමින් අද පෙරවරු 10.00ට පමණ මෙම සෝදිසි කිරීම ආරම්භ කළ බව පොලිසිය පවසනවා. බෝම්බ නිෂ්ක්‍රීය අංශය ඇතුළු සෝදිසි කිරීමේ කණ්ඩායම් පැමිණීමත් සමග දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන පිවිසුම් දොරටුව වසා දැමීම හේතුවෙන් සේවා ලබා ගැනීමේ අපේක්ෂාවෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලට පැමිණ සිටි ජනතාවට දැඩි අසීරුතාවට පත්වුණේ ඔවුන්ට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් පිටවීමට හෝ එම පරිශ්‍රයට ඇතුළු වීමට අවස්ථාව නොදීම නිසයි.

Post a Comment

Previous Post Next Post

Contact Form