දිට්වා ආපදාවෙන් අතුරුදන්වූවන්ට මරණ සහතික

 "දිට්වා" සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ නායයෑම් සහ ගංවතුර නිසා අතුරුදන් වූ පුද්ගලයන් 203 දෙනකුට මරණ ලියාපදිංචි කිරීමේ සහතික නිකුත් කිරීමට රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.


පසුගිය 02 වැනිදා රජය විසින් නිකුත් කරනු ලැබූ විශේෂ ගැසට් නිවේදනයට අනුව හදිසි ආපදා තත්ත්වයක් හේතුවෙන් අතුරුදහන් වූ පුද්ගලයකු සති 2කට පසුවත් යම් තොරතුරක් නොලැබෙන්නේ නම් ඔහුට හෝ ඇයට මරණ ලියාපංචි කිරීමේ සහතිකයක් නිකුත් කෙරෙන බවයි රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ රෙජිස්ටර් ජෙනරාල් ශෂී දේවි ජලදීපන් ප්‍රකාශ කළේ.

ඒ අනුව මෙම ආපදා තත්ත්වය නිසා මේ වන විට අතුරුදන්ව ඇති පුද්ගලයින් 203 දෙනෙකු සඳහා රජයෙන් ලබා දෙන වන්දි මුදල් කඩිනමින් ලබා ගැනීමේ අරමුණින් මෙම සහතික නිකුත් කිරීමට එම දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ සඳහා අවශ්‍ය නීතිමය විධිවිධාන දැනටමත් ක්‍රියාත්මක කර ඇති ඇති බවත් මෙම ව්‍යසනය හේතුවෙන් පුද්ගලයකු, ඥාතියකු හෝ මිතුරකු අතුරුදහන් වී ඇති බවට අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා තහවුරු කරන්නේ නම් එම දිස්ත්‍රික් නියෝජ්‍ය රෙජිස්ට්‍රාර් වෙත මරණ ලියාපදි කිරීමේ සහතික නිකුත් කිරීමේ බලය පවරා තිබෙනවා.

ආපදාවට ලක් වූ අතුරුදහන් වු පුද්ගලයා සම්බන්ධයෙන් විරෝධතා මතු නොවන්නේ නම්, ප්‍රාදේශීය ලේකම්වරයා විසින් අනුමැතිය සඳහා අයැදුම්පත රෙජිස්ට්‍රාර් ජනරාල් විසින් බලය පවරන ලද ප්‍රාදේශීය නියෝජ්‍ය හෝ සහකාර රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ අදාළ අනුමැතිය අනුමත කරනු ලැබ තිබෙනවා.

එම ආපදා තත්ත්වය නිසා මේ වන විට මියගිය බවට හඳුනාගෙන ඇති පුද්ගලයින් 611 දෙනෙකු අතරින් 126 දෙනෙකු සඳහා මරණ ලියාපදිංචි සහතික නිකුත් කිරීමට පියවර ගෙන ඇතැයි ද රෙජිස්ට්‍රාර් ජනරාල් ශෂී දේවි ජලදීපන් වැඩිදුරටත් සඳහන් කළා.

Previous Post Next Post

Contact Form