ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතට බලපෑ කාලගුණික ආපදාවලින් සිදුවූ නිල පුද්ගල මරණ ගණන 940 දක්වා ඉහළ ගොස් තිබේ.
අයහපත් කාලගුණය මේ වනවිට පහව ගොස් ඇතත්, ආපදාවෙන් වැඩිම හානියට ලක්වූ අචේ ප්‍රාන්තය පුරා විවිධ රෝග ව්‍යාප්ත වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ඒ අනුව පාචනය, උණ, මාංශපේෂිවල වේදනාව වැනි රෝගවලින් පෙළෙන පිරිසගෙන් රෝහල් පිරීගොස් ඇති බව ද සඳහන් වේ.
මෙම ආපදා හේතුවෙන් පුද්ගලයින් 75,219 දෙනෙකු පමණ අවතැන් වී ඇති අතර බටහිර සුමාත්‍රා පුරා පුද්ගලයින් 106,806 දෙනෙකු පමණ පීඩාවට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඉන්දුනීසියාවේ ගංගා ඉවුරු බිඳී ගොස් ගංවතුර කඳුකර ගම්මාන හරහා ගලා ගොස් ඇති අතර ඒ හේතුවෙන් දහස් ගණනක් නිවාස සහ ගොඩනැගිලි ද ජලයෙන් යටවිය.
Tags
විදෙස්
