හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ යළි කොළඹ ප්‍රදේශයේ නිවසක පදිංචි වී ඇති බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ සඳහන් කළා.
දැනට සතියකට පමණ පෙර සිට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසකට පැමිණ ඇති බව ඔහු පැවසුවා.
දේශපාලන කටයුතුවලට සම්බන්ධවීමට සහ අවශ්‍ය වුවහොත් වෛද්‍ය ප්‍රතිකාර ගැනීමේ කටයුතුවලට පහසු නිසා මෙසේ හිටපු ජනාධිපතිවරයා නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසට පැමිණ ඇති බවයි මනෝජ් ගමගේ සඳහන් කළේ.
හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී සම්මත වීමෙන් පසුව හිටපු ජනාධිපතිවරුන්ට රජයෙන් ලබා දී තිබූ නිවාස ඇතුළු ඇතැම් පහසුකම් එම පනතෙන් අහෝසි කර තිබුණා.
ඉන් අනතුරුව කොළඹ 07 විජේරාම පෙදෙසේ රජයේ නිල නිවසින් පසුගිය සැප්තැම්බර් 11 වැනි දා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඉවත් වුණා.
ඔහු තංගල්ලේ කාල්ටන් නිවසේ මාස තුනකට වැඩි කාලයක් රැඳී සිටියා.
ඉන් අනතුරුවයි පසුගිය සතියේදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසකට පැමිණ ඇත්තේ.
