🐊කිඹුලෙක් සමග පැයක් පොර බදා දිවි බේරා ගත් ගාමිණී‼️👇

නිල්වලා ගගේ අතු ගංගාවක් වු පෝද්දුව ඇලේ සිටි කිඹුලකුට හසු වී එම කිඹුලු සමග පැයක පමණ කාලයක් පොර බදා සිය ජීවිතය බේරා ගැනීමට සමත් වු පුද්ගලයෙකු පිළිබඳව පුවතක් මාතර පාලටුව ප්‍රදේශයෙන් වාර්තා වේ.එසේ තුවාල සහිතව සිය දිවි බේරා ගැනීමට සමත්ව ඇත්තේ පාලටුව පදිංචි ගාමිණි ගොඩගේ (53) නැමැති දෙදරු පියෙකි.

ව්‍යාපාරිකයෙකු වු ඔහු තම කුඹුරට පොහොර යෙදීමෙන් පසු මඩ සෝදා ගැනීමට කිරල කැලේ දෙසට ජලය ගෙන යන නිල්වලා ගගේ අතු ගංගාවක් වු පෝද්දුව ඇලට බැස සිටියදී මෙම අනතුරට ලක්ව තිබේ.

සැගවී සිටි කිඹුලා එක්වරම ඔහුගේ දකුණු පාදයෙන් අල්ලා ගෙන රැගෙන ගොස් තිබෙන අතර පැයක පමණ කාලයක් ඔහු කෑ ගසමින් ඌ සමග පොර බදා තිබෙන බව කියති.

එම බිහිසුණු අත්දැකීම පිළිබඳව අදහස් දැක්වු ගාමිණි ගොඩගේ මහතා මෙසේ කීය.

“මම කුඹුරට පොහොර ගැසීමට ගොස් එම කටයුත්ත ඉවර කිරීමෙන් පසුව මඩ සෝදා ගැනීම සඳහා රාත්‍රී 6.30ට පමන සඳහා මාතර කිරල කැලේ ප්‍රදේශයට ජලය රැගෙන යන නිල්වලා ගඟේ අතු ගංගාවක්  පොද්දුව ඇලට බැස්සා.මඩ සෝදමින් සිටින විට එක සැරේටම සතෙක් මගේ දකුණු පාදයෙන් අල්ලා ගත්තා. 

ක්ෂණිකව ඒ කිඹුලා බව මම තේරුම් ගත්තා.ඒසමඟම මම කෑ ගැසුවා. අවට කිසිදු නිවසක් නැති බව  මම දන්නවා.ඒ ඇල ආශ්‍රිතව අහිකුණ්ඨක ජනතාව ජීවත් වුනත් ඔවුනුත් එම ස්ථානය අතහැර ගොස් තිබුණා.  වතුර යටින් අඩි දහයක් පමණ කිඹුලා විසින් මම ඇදගෙන ගියා.මම ඌ සමග පැයක් විතර පොර බැදුවා.ඒ අවස්ථාවේ එක සැරේටම එම ස්ථානයේ අතු ඇලේ පහත් වී තිබූ ගසක අත්තක  දෙදෙනාම වැදීමත් සමගම මට ක්ෂණයකින් මතක් වුණා  කිඹුලෙකු අල්ලා ගත් පසු කිඹුලාගේ බඩ අත ගෑමෙන් බේරීමට හැකි බව. ඒ අනුව මම  ක්‍රියාත්මක වුණා.

එවිට කිඹුලා මගේ කකුල ඇතැරියා. මම ගොඩට ඇවිත් අමාරුවෙන්ම නිවසට ගොස් නිවැසියන්ට පැවසීමත් සමඟ වෛද්‍යවරයකු වෙත රැගෙනන ගියා. එම වෛද්‍යවරයාගේ උපදෙස් පරිදි මාතර මහා රෝහලේ 11 වාට්ටුවේ දින තුනක් නේවාසිකව ප්‍රතිකාර ලබා ගත්තා.  කිඹුලා විසින් සපා කෑමෙන් දත් පහරවල් පහක් පාදයේ වැදි තුවාල වී තිබෙනවා. 

මාළු වෙළඳාම් කරන පුද්ගලයන් විසින් ඉවතලන  මත්ස්‍ය කොටස් ඒ ඇලට ගෙනවිත් දැමීමෙන් කිඹුලන් හතර පස් දෙනකු එම ස්ථානය නිතරම සිටිනවා. මම අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.එම ඉවතලන මත්ස්‍ය කොටස් එම ස්ථානයේ බැහැර කිරීම නතර කර දෙන ලෙස. මගේ ජීවිතය බේරීම  හාස්කමක්.නැවත මතක ඇතිතුරාවට ඔය වගේ  වතුරට බහින්නේ නෑ.”

Post a Comment

Previous Post Next Post

Contact Form