ඇති වූ ආපදා තත්ත්වය සහ එළැඹෙන උත්සව සමය පදනම් කර ගනිමින් ගර්භණී මව්වරුන් සඳහා රුපියල් 5000/= ක් වටිනා පෝෂණ දීමනාවක් ලබාදීමට කටයුතු කර තිබෙනවා.
2025 නොවැම්බර් මස 30 වන දින තෙක් මාතෘ සායනයන්හි ලියාපදිංචි වූ ගර්භණී මව්වරුන් සඳහා මෙම දීමනාව හිමිවනු ඇති.එක් වරක් පමණක් ලබාදෙන මෙම දීමනාව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශයට අනුබද්ධිත මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ වැඩසටහනක් ලෙස දෙසැම්බර් 16 වන දා සිට ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා බෙදා හැරීම සිදු කෙරෙන බවයි කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය පවසන්නේ.
Tags
සාමාජීය
