දිත්වාගෙන් පසු මී මුරේ තවමත් හුදෙකලා වෙලා

දිත්වා සුළි කුණාටුව හේතුවෙන්  හුන්නස්ගිරියේ සිට මීමුරේ දක්වා දිවෙන කිලෝ මිටර් 34 කින් පමණ සමන්විත මර්ගය ස්ථාන 53 කින් දැඩි ලෙස නායයෑමට  ලක් වීම  නිසා මීමුරේ ඇතුළු ග්‍රාම නිලධාරි වසම් පහක මාර්ග පද්ධතියට සහ විදුලිය  මෙන්ම යටිතල පහසුකම්වලට දැඩි හානි සිදු වි තිබේ. මේ හේතුව නිසා මේ වන විට මාසයකට ආසන්න කාලයක්   ඔවුහු  තම ගම්මානවලටම කොටු වී සිටිති. ශ්‍රී ලංකා යුද හමුදාව මූලික වී මාර්ගය පිළිසකර කිරීම ඇතුළු යටිතල පහසුකම් ලබා දීම සහ  සහ විදුලි බල  මණ්ඩලයේ නිලධාරින් ඉදිරිපත් වී විදුලිය  යථා තත්වයට පත් කිරීම මේ වන විට යුහුසුළුව  සිදු වෙමින් පවතී.

 හුන්නස්ගිරියේ සිට මීමුරේ දක්වා දිවෙන මාර්ගයේ කිලෝ මිටර් 34 න්   කිලෝ මිටර් 21 ක් පමණ දක්වා වන අට්ටලමෙට්ටුව යන ස්ථානය  දක්වා ප්‍රදේශයේ දැඩි මීදුම් තත්වයත් සහ වැසි සහිත තත්වයක් මේ වන විටත්  පවතී. මේ හේතුව නිසා නාය ගොස් ඇති මාර්ග තව දුරටත්  අවදානම් තත්වයේ පවතින බවත් වැසි පවතින අවස්ථාවන්වල මෙම මාර්ගය භාවිතා කිරීම  අවදානමින් කළ යුතු බවත් ආරක්ෂක අංශ  ජනතාවගෙන් දැනුම් දෙයි. මෙම මාර්ගයේ ඇතැම් ස්ථාන තවමත් දැඩි ලෙස මඩ වී ඇති අතර කිසිදු වාහනයට ගමන් කළඵ නොහැකි ස්ථාවද පවතී.

මීමුරේ ගම්මානය වටා  සිදු වූ හද කම්පා කරවන   ආපදාවන් මාධ්‍යයේ මීමුරේ දක්වා දිවෙන මාර්ගයට සමාන්තරව   සුන්දරව ගලා බසිනා    දියඇළි රැසක්ද දක්නට ලැබෙයි.

ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික්   පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඊ.ඇම්.බස්නායක සහ තනුර දිසානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්යෙන් දිස්ත්‍රික්කයේ  පළාත් පාලන ආයතන, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරින්ගේ සහභාගිත්යෙන්  මෙම ප්‍රදේශයේ පිහිටි කරඹකැටිය, කුඹුක්ගොල්ල, පුස්සේඇල්ල කයිකාවල සහ මිමුරේ යන ග්‍රාම නිලධාරි වසම්වල පදිංචි පවුල් 386 ක් සඳහා  වියලි ආහාර ද්‍රව්‍ය බෙදා දීම  පසුගියදා 23 වනදා දිනයේ සිදු විය. මේ සඳහා මන්ත්‍රීවරුන් පළාත් පාලන ආයතනවල ප්‍රධානින්  එම ආධාර කිලෝ මීටර් 10 කට වැඩි ප්‍රමාණයක දුරක් ඔවුන්ගේ කරින්ම රැගෙන යන අයුරුද දක්නට ලැබිණ.

තම ගම තුලින්ම තමන්ගේ ආර්ථිකය ගොඩ නඟා ගෙන සිටි මෙම ජනතාවට මේ ආපදාවෙන් ඒ සියල්ල අහිමි වී තිබේ. කිතුල් කර්මාන්තය, ගොවිතැන, සංචාරක ව්‍යාපාරය මේ සියල්ල දැන් ඔවුන්ට අහිමිය. රැකියාවක් සොයා පිට ගමකට යාමට නොහැකිය. පාරම්පරික ගමක අසිරිය ලොවට හඩ ගා කිව් මීමුරේ ගම්මානය ඇතුළු අවට ගම්මාන යළික් සශ්‍රීක ගම්මාන ලෙස ඒ අභිමානය ලොවට කියන තත්වයට පත් කිරීම සැමගේ වගකීමක් වෙයි.

මොහොමඩ් ආසික්


Post a Comment

Previous Post Next Post

Contact Form