අදාළ ඖෂධයේ ආසාත්මක ප්‍රතික්‍රියා මත හෝ ඖෂධය කල්ලිකුත් වීම මත හෝ මෙම මරණය සිදුවන්නට ඇති බවට මියගිය කාන්තාවගේ සැමියා මාධ්‍යයට අදහස් දක්වා ඇත. අධිකරණ වෛද්‍ය විද්‍යා වාර්තාව අනුව මෙම මරණය තමන්ට සැක සහිත බව ඔහු පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ඖෂධ සමාගමක් මගින් මෙම ඖෂධය නිෂ්පාදනය කරන අතර මීට පෙර අවස්ථා ගණනාවකදීම මෙම ඖෂධය නිසා සැක සහිත මරණ සිදුවූ බවට හා දැඩි ආසාත්මික ප්‍රතික්‍රියා සිදුවූ බවට වූ වාර්තා මත ඖෂධය භාවිතාවෙන් ඉවත් කොට තිබින.
ඉන් අනතුරුව යළි මෙම ඖෂධය භාවිතා කිරීමට අවසර ලබාදී තිබිණි.
එම අවස්ථාවේදී ද මෙම ඖෂධ යළි භාවිතා කිරීම සම්බන්ධයෙන් සමාජයේ මහත් ආන්දෝලනයක් ඇති විය.
මෙම මරණය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස මියගියත් කාන්තාවගේ සැමියා ඉල්ලා සිටි.
මෙම ඖෂධය වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ සිට භාවිතාවෙන් තාවකාලික ඉවත් කිරීමට වෛද්‍ය සැපයුම් මේකකයේ උපදෙස් ලබා දී ඇති බව ජාතික රෝහලේ තොරතුරු පද්ධතිය පෙන්වා දෙයි.