පොල්ගහවෙල රෝහලට රෝගීන් ඇතුළත් කිරීම අත්හිටුවයි

 පොල්ගහවෙල ප්‍රාදේශීය රෝහලට නේවාසික රෝගීන් ඇතුළත් කර ගැනීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. 




ඒ දිට්වා සුළි කුණාටුවත් සමග ගංවතුර සහ නායයාම් හේතුවෙන් එම රෝහලේ වාට්ටු කිහිපයකට හානි සිදුවීමත් සමගයි.

කෙසේ වෙතත්, බාහිර රෝගීන් සඳහා ප්‍රථිකාර කිරීමේ කටයුතු ආරක්ෂිත ක්‍රමවේදයකට සිදුකෙරෙන බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ. 

ඉදිරියේදී ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් රෝහල් භූමිය පරීක්ෂා කර නිර්දේශයක් ලබාදෙනතුරු මෙම පියවර ගෙන තිබෙනවා.
Previous Post Next Post

Contact Form