ත්‍රිරෝදයේ පෙට්‍රල් ඉවර වුණා.. වෙන ත්‍රිරෝදයකින් ආයෙත් යන විට බසයක ගැටුණා.." මවගේ සාක්ෂිය ඇසූ සියල්ලන් මවිතයට පත්වෙයි

එය ඇසූවන් කම්පනය වන කතාවක්.

ඇත්තටම ඇය මේ දුක කොහොම නම් දරාගන්නවා ඇතිද..?

නත්තල සැමරීමට සූදානම්ව ගෙය පිරිසිදු කරන අතරේ දී තම එකම දරුවා ඇළට වැටී මිය යෑමේ ශෝක ජනක පුවතක් අපට ඇසෙන්නේ පසුගිය දිනයකයි.

බලන්ගොඩ රෝහලේ පැවති මරණ පරීක්ෂණයෙන් අනතුරුව මේ ගැන ඇසුනේ වෙනස්ම ආරංචියක්. මෙසේ මියගිය අවුරුදු දෙකක් වයසැති අරුල් රාජ් තිදේස් නමැති දරුවාගේ මරණ පරීක්ෂණයේදී සාක්ෂි දුන් ලූකස් මාග්‍රට් නමැති මව ඒ ගැන පැවසුවේ මෙවැන්නක්. මෙසේ මියගොස් ඇත්තේ බලන්ගොඩ ගුරුබැවිලාගම පදිංචිව සිටි ළදරුවෙක්

සාක්ෂිකාරි ඒ මොහොතේ පවසා තිබුණේ මෙන්න මෙවැන්නක්.,

මෙසේ මියගොස් සිටින මගේ දරුවා සිද්ධිය වූ දින නිවසේ නිදිකරවා ඒ අසලම තිබූ මවගේ නිවස ශුද්ධ පවිත්‍ර කළා. තීන්ත වේළී නැති නිසා ගේට්ටුව හා දොර විවෘතව තිබුණා. මම ටික වේලාවකින් නිවසට ඇවිත් බලන විට පුතා ඇඳේ හිටියේ නැහැ. ඉන්පසු අසල්වැසි ඥාතීන්ට කතා කර සොයන විට නිවසට නුදුරුව ගලායන ඇළට වැටී තිබුණා. ත්‍රිරෝද රථයකින් රෝහලට ගෙන යද්දී එහි පෙට්‍රල් ඉවර වුණා. පසුව තවත් ත්‍රිරෝද රථයකින් යද්දී අතරමගදී බස් රථයක ගැටී එහි රියැදුරාත් තුවාල ලැබුවා. මගේ දරුවාගේ කකුල ද තුවාල වුණා. කඩිනමින් වෙනත් වාහනයකින් බලන්ගොඩ රෝහලට ගෙන ගියත් දරුවාගේ ජීවිතය බේරාගන්න නොහැකි වුණා.

පශ්චාත් මරණ පරීක්ෂණය බලන්ගොඩ මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි තරංග ද සිල්වා මහතා විසින් සිදුකරන ලද අතර සාක්ෂි මෙහෙයවීම පො. කො. (79047) එච්. ඒ. පී. අමරජීව මහතා විසින් සිදුකරන ලදී.

මෙය දියේ ගිලී හුස්ම හිරවීමෙන් සිදුවූ මරණයක් බවට බලන්ගොඩ හදිසි මරණ පරීක්ෂක පත්මේන්ද්‍ර විජයතිලක මහතා තීන්දුව දෙමින් ප්‍රකාශ කළා. තරුණ මව්පිය යුවළට සිටි එකම දරුවා මියගිය දරුවාය.

දිවයින පුවත්පත ඇසුරෙන්.. 

Post a Comment

Previous Post Next Post

Contact Form