පරණ Gmail ලිපිනයේ නම විතරක් වෙනස් කරන්න අවස්ථාවක්

වසර ගණනාවක් තිස්සේ වෙනස් කළ නොහැකිව තිබූ @gmail.com වලින් අවසන් වන ඊමේල් ලිපිනයේ මුල් කොටස දැන් පරිශීලකයන්ට වෙනස් කිරීමට අවස්ථාව ලැබී තිබෙනවා. මීට පෙර Google ලබා දුන්නේ තෙවන පාර්ශවීය ඊමේල් ලිපිනයන් (third-party email addresses) භාවිතා කර සාදන ලද ගිණුම්වල ලිපිනයන් වෙනස් කිරීමේ හැකියාව පමණයි.
ඔබ දැනට පවතින Gmail ලිපිනයේ මුල් කොටස වෙනස් කර අලුත් කළ පසු, ඔබගේ පැරණි Gmail ලිපිනය අන්වර්ථ නාමයක් (alias) ලෙස ක්‍රියා කරනවා. එම නිසා පැරණි ලිපිනයට ලැබෙන ඊමේල් පණිවිඩ දිගටම ලැබෙන අතර, ඔබගේ ගිණුමේ ඇති ඡායාරූප, පණිවිඩ සහ අනෙකුත් දත්තවලට මෙයින් කිසිදු බලපෑමක් සිදු නැහැ. පරිශීලකයෙකුට මෙලෙස තම ඊමේල් ලිපිනය වෙනස් කළ හැක්කේ සමස්තයක් ලෙස 3 වතාවක් පමණයි. එසේම, වරක් ලිපිනය වෙනස් කළ පසු, නව ඊමේල් ලිපිනයක් සෑදීමට වසරක කාලයක් බලා සිටීමට සිදුවනවා. මෙම පහසුකම පිළිබඳ තොරතුරු මුලින්ම Google හි උපකාරක පිටුවක (support page) පළ වී තිබුණා. අදාල පහසුකම ක්‍රමයෙන් නිකුත් කරමින් පවතින බැවින් මෙම අවස්ථාව ඔබගේ ගිණුමට ලැබීමට තව සුළු කාලයක් ගත විය හැකියි.

Post a Comment

Previous Post Next Post

Contact Form