රුපියල් කෝටි 04කට අධික වටිනාකමින් යුත් ස්වර්ණාභරණ සහ රන් බිස්කට් තොගයක් නිතීවිරෝධි ලෙස මෙරටට රැගෙන ආ පෞද්ගලික ගුවන් සමාගමක සේවිකාවක් රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇය අදාළ රන් භාණ්ඩ තොගය සිය ගමන් මල්ලේ සඟවා මෙරටට රැගෙන විත් ඇති අතර, ගුවන් යානා කාර්යය මණ්ඩල සදහා පිටතට පැමිණීමේ දොරටුවෙන් පිටව යාමට තැත් කිරීමේදීයි ඇයව අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ඇයගේ ගමන් මල්ලේ තිබී කිලෝ ග්‍රෑම් 01යි ග්‍රෑම් 163ක් බරැති ස්වර්ණාභරණ සහ රන් බිස්කට් සොයා ගෙන ඇති බව ද ගුවන් තොටුපල රේගුව සඳහන් කළා.
අත්අඩංගුවට ගත් සැකකාර ගුවන් සේවිකාව 27 හැවිරිදි කොළඹ ප්‍රදේශයේ පදිංචි තරුණියක්.
