(චින්තක ක්‍රීෂාන්ත බාලසූරිය)
ගලෙන්බිදුණුවැව පොලිස් වසමට අයත් හුරුලුවැව පිටවාන මතින් ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් අද (04) පෙරවරුවේ හදිසියේ හටගත් ගින්නකින් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලිසිය කියයි.
අද පෙරවරු 10.00 ට පමණ මෙම අනතුර සිදුවී ඇති අතර, රථයේ ඇති වූ කාර්මික දෝෂයක් ගින්නට හේතුවන්නට ඇති බවට සැක කෙරේ.
වෑන් රථය තුළ අලෙවිය සඳහා රැගෙන යමින් තිබූ පාසල් අභ්‍යාස පොත් සහ උපකරණ තොගයක් තිබී ඇති අතර, ඒවා ද ගින්නෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.
ගින්න හටගත් වහාම ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන්, ගින්න නිවීමට දැඩි උත්සාහයක නිරත විය. කෙසේ වෙතත්, ගින්න ඉතා වේගයෙන් පැතිර යාම හේතුවෙන් වාහනය හෝ එහි තිබූ දේපළ බේරා ගැනීමට නොහැකි වී තිබේ.