අධික බර හා ස්ථුලතාව නිසා මෙරට ගර්භණී මව්වරුන්ගෙන් සියයට 13.9 ක් ගර්භණී සමයේදී දියවැඩියා රෝගයට ගොදුරු වන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක හෙළි කරයි.
මෙහි බරපතළම ප්‍රශ්නය වී ඇත්තේ අවුරුදු 15-20 යන වයස් කාණ්ඩයේ සිටින අය අතරත් දියවැඩියාව වැලඳීමේ ප්‍රවණතාවක් මතු වී තිබීම යැයි ද ඔහු කියා සිටී. ගර්භණී වීමට පෙරාතුව ආහාර පාලනයෙන් හා ව්‍යායාම මගින් තමන්ගේ බර සියයට 7 ක්, 10 ක් පමණ අඩුකර ගන්නේ නම් උපදින දරුන් බෝ නොවන රෝගවලට ගොදුරු වීමේ අවදානමෙන් වළක්වා ගත හැකි බව ද විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක පෙන්වා දෙයි.
මේ වන විට දියවැඩියා රෝගීන් විවිධ වයස් කාණ්ඩවලදී හමුවන බවත්, ආහාර පාලනය සහ ව්‍යායාම මගින් දියවැඩියාව වැලඳීම වළක්වා ගත හැකි බවද විශේෂඥ වෛද්‍යවරයා කියා සිටී. වයස අවුරුදු 50 සහ 60 දී වැලඳුණ දියවැඩියා අවුරුදු 15-20 දරුවන්ට වැලඳෙන තැනට පත්ව ඇතැයිද ඔහු පවසයි.
