කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ ජල ටැංකියකට දමා තිබූ විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝලයක්
සොයාගෙන ඇතැයි පොලිසිය පවසනවා.
එම අවිය සමග පතොරොම් 29ක් ද සොයාගත් බවයි පොලිසිය පැවසුවේ. මහල් නිවාස භූමියක අතහැර
දැමූ වතුර ටැංකියක් තුළයි මෙම පිස්තෝල අවිය තිබී ඇත්තේ. මෙම පිස්තෝල අවිය එම
ස්ථානයට ගෙනවිත් දැමූ අය සොයා විමර්ශන ක්‍රියාත්මකයි.
