ජපානයට ප්‍රබල භූමිකම්පාවක්

 ජපානයේ ෂිමනේ ප්‍රාන්තයට මැග්නිටියුඩ් 6.2 ක ප්‍රබල භූමිකම්පාවක් බලපෑ බව එරට වාර්තා පවසනවා.




එරට වේලාවෙන් අද උදෑසන 10.18ට පමණ මෙය බලපා තිබුණා.

මෙම භූමිකම්පාව ජපානයේ භූ කම්පන තීව්‍රතා දර්ශකයේ ප්‍රබල 5 අගයකින් යුක්ත වූ අතර ඉන් සුනාමි තර්ජනයක් ඇති වුණේ නැහැ.

අඟහරුවාදා පෙරවරු 10:20 ට පමණ චුගෝකු කලාපයට බලපෑ මෙම ප්‍රබල භූමිකම්පාව හේතුවෙන් තොට්ටෝරි ප්‍රාන්තයේ සකායි-මිනාටෝ, හිනෝ සහ කොෆු ප්‍රදේශවලට මෙන්ම ෂිමනේ ප්‍රාන්තයේ මත්සූ සහ යසුගි යන නගරවලට සිදුවුණා.


මීට අමතරව, පෙරවරු 10:30 ට පමණ යසුගි ප්‍රදේශයට බලපෑ තවත් භූමිකම්පාවක් වාර්තා වූ අතර එහි මැග්නිටියුඩ් අගය 5.1 ක් ලෙසත් සටහන් වී තිබෙනවා.


මෙම ප්‍රධාන කම්පනයෙන් පසුව, පෙරවරු 10:28 ට මැග්නිටියුඩ් 5.1 ක අගයකින් යුත් පසු කම්පනයක් සිදුවුණා.

ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය තහවුරු කරන ලද්දේ මෙම භූමිකම්පා තත්ත්වයන් හේතුවෙන් කිසිදු සුනාමි අවදානමක් නොමැති බවයි

Post a Comment

Previous Post Next Post

Contact Form

×
RED ALERT Weather Update
Weather

නායයෑම් රතු නිවේදන! 🌧️

දිස්ත්‍රික්ක කිහිපයකට දැඩි අවදානම්...