කාලගුණ දෙපාර්තමේන්තුව නිවේදන 2ක් නිකුත් කරයි

 ඊයේ රාත්‍රී 11.30 නිකුත් කළ නිවේදනය‼️

ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින කැළඹිලි ස්වභාවය තවදුරටත් වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.



ඒ හේතුවෙන් ලබන 8 වැනිදා සිට දිවයිනේ උතුර, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම යන පළාත්වල වැසි තත්ත්වයේ තවදුරටත් වැඩිවීමක් අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.




මීට අමතරව නුවරඑළිය, මාතලේ, පොළොන්නරුව, මඩකළපුව සහ අම්පාර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ක තරමක තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. 


---------------


 අද උදෑසන 5.30ට නිකුත් කළ නිවේදනය 


නැගෙනහිර, මධ්‍යම, ඌව, උතුරුමැද සහ උතුරු පළාත්වල විටින් විට වැසි ඇති වෙන අතර, ඌව පළාතෙත් නුවරඑළිය, මාතලේ, පොළොන්නරුව, මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද උදෑසන නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා.

Post a Comment

Previous Post Next Post

Contact Form

×
RED ALERT Weather Update
Weather

නායයෑම් රතු නිවේදන! 🌧️

දිස්ත්‍රික්ක කිහිපයකට දැඩි අවදානම්...