ප්‍රධාන පිළිකා රෝග රැසකට ප්‍රතිකාර ලබාදීමට යොදාගන්නා චිකිත්සක විකිරණ යන්ත්‍ර නොමැති වී හේතුවීමෙන් ගැබ්ගෙල, එන්ඩොමෙට්‍රියල්, පුරස්ථි ග්‍රන්ථය, ගුදය, ගුද මාර්ගය, පියයුරු, හිස, බෙල්ල සහ සමේ පිළිකා රෝගීන්ගේ ජීවිත අවදානමකට ලක්ව ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය අනාවරණය කරයි.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ද මේ හිඟය පිළිබඳ සඳහන් කර ඇති අතර එම නිසා ජීවත් කරවිය හැකි පිළිකා රෝගීන්ගෙන් සියයට තිහක් (30%) පමණ නිරපරාදේ මියයන බවද සඳහන් කෙරිණි. වත්මන් රජය බලයට පත්වූ පසුව 2024 වසරේදී අදාළ ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කර ඇතැයිද එම යන්ත්‍ර කිහිපයක් ඉදිරි කාලයේදී ලැබෙනු ඇතැයිද විශේෂඥ වෛද්‍යවරු එහිදී සඳහන් කළහ.
මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් පළ කළ වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව කොළඹ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී කියා සිටියේ භාණ්ඩාගාරය සහ ආසියානු සංවර්ධන බැංකුව මගින් යෝජනා කොට අනුමැතිය ලැබී තිබෙන අදාළ යන්ත්‍ර මිලදී ගැනීම නිලධාරීන්ගේ හා ඇතැම් කල්ලිවල කඹ ඇදීම හේතුවෙන් දිගින් දිගටම පමාවන බවයි.
හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල සිටි කාලයේ සිටම මෙම යන්ත්‍ර මිලදී ගැනීමට උත්සාහ කළ බවත් එහෙත් මේ දක්වාම ඒවා මිලදී ගැනීමට අපොහොසත්ව ඇති බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
මෙම යන්ත්‍ර මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා පිළිකා රෝග විශේෂඥයන්ගේ විද්‍යාලය (SLCO) විධිමත් ක්‍රමයට අනුමැතිය පළ කර ඇතැයිද ඔහු කියා සිටියේය.
මේ අතර ගැබ්ගෙල පිළිකා, පුරස්ථි ග්‍රන්ථ පිළිකා සහ තෝරාගත් පියයුරු පිළිකා සඳහා ප්‍රතිකාර කිරීමට විකිරණ චිකිත්සාවේදී භාවිත කළ උපකරණ මිලදී ගැනීමේ කටයුතු එක්තරා නිලධාරීන් පිරිසක් විසින් වළක්වන බවටද තොරතුරු ලැබී ඇතැයිදපැවැසේ.
තවද පළාත් පිළිකා රෝහල්වල ප්‍රතිකාර කටයුතු විධිමත් කිරීම සඳහා රේඛීය ත්වරණකාරක, නවීන රූපකරණය සහිත බැවිතෙරපි ඒකක, පරිගණකගත ටෙමොග්‍රැෆි කිමියුලේටර් සහ මාත්‍රාමිතික කට්ටල මිලදී ගැනීම දිගින් දිගට පමාවීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අවධානය වහා යොමුවිය යුතු බවද වෛද්‍ය චමල් සංජීව එහිදී වැඩිදුරටත් කියා සිටියේය.
