සුළි කුණාටුවට පසුව ආර්ථික වර්ධනය අපේක්ෂා කළ මට්ටමට වඩා ඉහළට යනවා – මහබැංකු අධිපති

සුළි කුණාටුවට ගොදුරු වූ රට යළි ගොඩ නැංවීම සදහා විශාල මුදලක් රජය වෙන් කර තිබෙන බැවින්, මේ වසරේ ආර්ථික වර්ධනය අපේක්ෂා කළ මට්ටමට වඩා ඉහළ යා හැකි බව මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසා තිබේ.

2026 වසර සදහා ආර්ථික වර්ධනය 4% ත් 5% ත් අතර අගයක් ගනු ඇතැයි පුරෝකථනය කර තිබුණි.

නමුත්, කුණාටුව හේතුවෙන් බිද වැටී ඇති යටිතල පහසුකම් යළි ගොඩ නැංවීම හේතුවෙන් ආර්ථිකයට නව ජීවයක් උදාවනු ඇති බව මහබැංකු අධිපතිවරයාගේ අදහසයි.

2026 වසර සදහා වන අයවැය මගින් රජය රාජ්‍ය ආයෝජන වෙනුවෙන් රුපියල් ට්‍රිලියන 1.4 ක් වෙන්කර තිබුණු අතර, පසුව, සුළිකුණාටුව හේතුවෙන් ඇති වූ බලපෑම ප්‍රතිසාධනය කිරීමට තවත් රුපියල් බිලියන පන්සියයක මුදලක් වෙන් කළේ ය.

මෙම මුදල් ඉදිකිරීම් සහ යටිතල පහසුකම් වර්ධනය කිරීම උදෙසා යෙදවීමට නියමිත බැවින්, එය පෙරළා ආර්ථික වර්ධනය කෙරෙහි බලපානු ඇති බව මහබැංකු අධිපතිවරයාගේ අදහසයි.

කෙසේ වෙතත්, රුපියල් බිලියන පන්සියයක අතිරේක මුදලක් ආර්ථිකයට එකතු වීම හේතුවෙන් උද්ධමන අනුපාතිකය අපේක්ෂා කළ මට්ටමට වඩා ඉහළ යා හැකි බවද මහබැංකු අධිපතිවරයා පවසයි.

Post a Comment

Previous Post Next Post

Contact Form

×
BREAKING Live Updates
News

කොත්මලේ ගම්මාන ගිලාබහී... ⚠️

සම්පූර්ණ විස්තරය බලන්න...