ඉන්දියාවේ සර්වඥ ධාතු ප්‍රදර්ශනයක්

 ඉන්දියාවේ නවදිල්ලි නුවරදී හෙට දහවල් 11 සිට සර්වඥ ධාතු ප්‍රදර්ශනයක් පවත්වන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි නිවේදනය කර තිබේ.



ඒ සිය එක්ස් වෙබ් අඩවියේ සටහනක් තබමිනි.

'ද ලයිට් ඇන්ඩ් ද ලෝටස්; රෙලික් ඔෆ් දි අවේක්න්ඩ් වන්' ලෙස නම් කර ඇති මෙම ප්‍රදර්ශනය දිල්ලිහි රායි පිතෝරා සංස්කෘතික සංකීර්ණයේදී ආරම්භ වේ.

කපිලවස්තුපුර පිප්‍රාවා ප්‍රදේශයෙන් සොයාගෙන නවදිල්ලි ජාතික කෞතුකාගාරයේ සහ කොල්කටාහි ඉන්දීය කෞතුකාගාරයේ සංරක්ෂණය කෙරෙන ධාතූන් වහන්සේ මෙහිදී ප්‍රදර්ශනය කරන බව සඳහන් වේ.

පසුගියදා වෙන්දේසියකින් නිදහස් කරගත් මිල කළ නොහැකි මුතු - මැණික් එකතුවක් ද මේ අතරට අයත් වේ.

මෙම මුතු මැණික් එකතුව මෙලෙස ඉන්දියාවේදී ප්‍රදර්ශනයට එක්කෙරෙන්නේ වසර 127කින් පසු පළමු වරටය.


Post a Comment

Previous Post Next Post

Contact Form

×
BREAKING Live Updates
News

කොත්මලේ ගම්මාන ගිලාබහී... ⚠️

සම්පූර්ණ විස්තරය බලන්න...