ශ්‍රී ලංකා වෙළඳපොලේ රන් මිලෙහි හදිසි ඉහළ යාමක් - ඩොලරය ස්ථාවර මට්ටමක

🚨 වෙළඳපොල Update: රත්තරන් පවුමක් ලක්ෂ 3.60 පනියි!
කොළඹ | 2026 ජනවාරි 13
අද දින කොළඹ රන් වෙළඳපොලෙන් වාර්තා වන්නේ අදහාගත නොහැකි මිල ඉහළ යාමකි. මීට පෙර ලක්ෂ 3.40 සීමාවේ පැවති කැරට් 22 රන් පවුමක මිල අද වන විට රුපියල් 356,000 සිට 366,000 දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම රන් ආභරණ සඳහා යොදා ගන්නා කැරට් 24 රන් පවුමක මිල රුපියල් 399,000 දක්වා ඉහළ ගොස් ඇති අතර එය ලක්ෂ 4 සීමාව අතේ දුරින් පවතී.
මේ අතර ඇමරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 309 - 312 අතර ස්ථාවර අගයක පවතී. රන් මිලෙහි මෙම හදිසි ඉහළ යාම ඉදිරි විවාහ මංගල්‍ය සමය සඳහා දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.


Post a Comment

Previous Post Next Post

Contact Form