කොහුවල ප්‍රදේශයේ පසුගිය දා සිදු වූ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු හඳුනාගැනීම සඳහා පොලිස් මාධ්‍ය කොට්ඨාසය සැකකරුගේ රුව දැක්වෙන සිතුවමක් මාධ්‍ය වෙත නිකුත්කර තිබු අතර එම රුවට සමාන තරුණයෙකු පසුගිය පළමුවැනිදා බොරැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණා.
එහිදී අදාළ සිතුවමේ සිටින්තේ තමන් ලෙස පිළිගන්නා ලෙස පවසමින් පොලිසිය තමන්ට දැඩි ලෙස පහර දුන් බවයි එම තරුණයා චෝදනා කරන්නේ.
මෙසේ චෝදනා කරන්නේ දැරණියගල කුඩා අවන්හලක හිමිකරුවෙක්.
ඔහු පවසන්නේ, ඔහු පසුගිය දින එනම් 1 වැනිදා තම ව්‍යාපාරයට අවශ්‍ය මාලු සහ භාණ්ඩ රැගෙන එමට දැරණියගල සිට කොළඹ බලා තම සහෝදරයෙකු සමග පිටත්ව ගිය බවයි.
පසුව ඔහු භාණ්ඩ රැගෙන එම රාත්‍රියේ අපහසු නිසාවෙන් බොරැල්ලේ තම බිරිඳගේ නිවසේ රැදි සිටින අවස්ථාවේ බොරැල්ල පොලිසිය මගින් ඔහුව රැගෙන ගොස් මිනිමැරුමක් කළ බවට වරද පිළිගන්නා ලෙසටත් පසුගිය දින සමාජ මාධ්‍ය සහ මාධ්‍යවල පලවු සැකකාරයකුගේ අඳින ලද ඡායාරූපක සිටින්නේ තමන් ලෙස පිළිගන්නා ලෙසටත් බල කරමින් ඔහුට අමානුෂික ලෙස පහර දුන් බවයි.
එම පසුව දින දෙකකට ආසන්න කාලයක් තරුණයා රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මුදා හැර "සොරි මල්ලි" කියා නිවස වේත පිටත් කළ බවයි ඔහු පවසන්නේ.
