නායයෑමේ අවදානමක් හේතුවෙන් මාසයකට අධික කාලයක් වසා දමා ඇති කොත්මලේ තවලන්තැන්න කොත්මලේ රම්බොඩ වැවන්ඩන් දමිළ මහා විද්‍යාලය වෙනත් ස්ථානයක පවත්වාගෙන යෑමට තීරණය කර තිබේ.
ඒ අනුව කොත්මලේ තවලන්තැන්නේ පිහිටි තොන්ඩමන් සංස්කෘතික මධ්‍යස්ථානයේ පාසල තාවකාලිකව පවත්වාගෙන යෑමට තීරණය කළ බව නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතා පැවසීය.
එම පාසලට පිවිසෙන මාර්ගයේ ස්ථාන කිහිපයක් සහ පාසල රම්බොඩ ප්‍රදේශයේ නායයෑම ආරම්භ වී ඇත්තේ වැවන්ඩන් දමිළ මහා විද්‍යාලය අසලින් වීම හේතුවෙන් පාසලේ ඉගෙනුම ලබන දරුවන්ගේ සහ ගුරුවරු ඇතුළු සියලුදෙනාගේ මානසිකත්වය සලකා බලා මෙම තීරණය ගත් බව සුරවීර ආරච්චි මහතා වැඩිදුරටත් කියා සිටියේය.
තොන්ඩමන් සංස්කෘතික මධ්‍යස්ථානයේ ප්‍රමාණවත් ඉඩ පහසුකම් ඇති බැවින් හිස් ගොඩනැගිලිවල පන්ති කාමර සකස්කර එහි අධ්‍යන කටයුතු ඉදිරි දින කිහිපයේ සිදුකිරීමට අවශ්‍ය මුලික කටයුතු කොත්මලේ කලාප කාර්යාලයේ නිලධාරින් විසින් සිදුකිරීමට නියමිතය.
එම පාසලේ 1 වසරේ සිට 11 වසර දක්වා ළමුන් 143 දෙනෙකු සහ ආචාර්ය මණ්ඩලයේ 13 දෙනෙකුගෙන් සමන්විතය.
