මහජන ආරක්ෂක අමාත්‍යංශ නිල වෙබ් අඩවියට බාහිර පාර්ශ්වයක් ග්‍රහණයට ලක්වීම සම්බන්ධව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය අවස්ථා කිහිපයකදී බාහිර පාර්ශ්වයක ග්‍රහණයට ලක්ව තිබීම නිරීක්ෂණය වූ බවත්, මෙය යථාවත් කරගැනීම සඳහා SL CERT සහ ICTA ආයතන මඟින් අවශ්‍ය පියවර ගැනිමට කටයුතු කර ඇති බවත් එම නිවේදනයේ සඳහන්.
ඒ අතරතුරදී වෙබ් අඩවියේ රාජ්‍ය ලාංඡනයේ යම් අපැහැදිලිතාවයක් නිරීක්ෂණය වීම හේතුවෙන් මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි අමාත්‍යංශ ලේකම්වරයා විසින් පෙරේදා (09) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවද එම නිවේදනයෙන් දක්වා තිබෙනවා.
එම පැමිණිල්ලට අදාලව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශන ආරම්භ කර ඇති බවත් මේ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශය මට්ටමින් ද අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය මගින් නිකුත් කළ එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන්.
