ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් බෙංගාලබොක්කේ පවතින ගැඹුරු පීඩන අවපාතය හෙට පස්වරු 5.30 සිට රාත්‍රී 11. 30 දක්වා කාලය තුලදී හම්බන්තොට සහ කල්මුණේ අතර ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝදුරට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ හේතුවෙන් හෙට දිනයේදී නැගෙනහිර පළාතේත්, මුලතිව්, වව්නියාව, කිලිනොච්චිය හා පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි විය හැකියි.
එසේම ඌව පළාතේත්, නුවරඑළිය, මාතලේ සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි වනවා.
මේ අතර මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු මැද, වයඹ, මධ්‍යම, ඌව, නැගෙනහිර සහ දකුණු පළාත්වලත්, ගම්පහ මෙන්ම කොළඹ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර 50ත් 60ත් දක්වා වන ඉතා තද සුළං සමඟ ඇතැම්විට විටින් විට හමන පැයට කිලෝමීටර් 70 දක්වා වන ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
